මල් මල් පෑන්ටිය

මාසයකට දෙකකට කලින්  මට ප්‍රසිද්ධ දේශකයෙකුගේ වැඩමුළුවකට සහබාගි වෙන්න ලැබුනා. ඒ මගේ යාලුවෙකුට ලැබුන පාස් 2 න්එකක් මට දුන්න නිසා. වැඩමුළුව සහ දේශනය තිබුනේ "පලදායිතාව සහ මුදල්......... "  මාතෘකාවෙන්.

ඔන්න දැන් දවස උදා වුන. වැඩමුළුව තිබුනේ හවස. මමයි මගේ යාළුවයි පාස් එකේ වැඩමුළුව ආරම්භ වෙනවා කියලා සදහන් වෙලා තිබුණු වෙලාවට පැය කාලකට කලින් ගිහින් සාලාවේ එක ලග තිබුණු පුටු දෙකක වාඩි වුනා. මේ වෙනකොට සාලාවෙන් 90% විතර පිරිලා තිබුනේ.


ඔන්න දැන් පටන් ගන්නවා කියපු වෙලාව අවා. ම්හ්.. පටන් ගන්න පාටක් වත් නෑ. තවත් පැය කාලක් ගියා. ම්හ්.. තවම නෑ. කොහොමහරි පටන්ගන්නවා කියලා සදහන් වෙලා තිබුණු වෙලාවට විනාඩි 35 ට විතර පස්සේ ඔන්න දේශකයා ආවා. (මෙන්න මිනිස්සුන්ට ලොකු talk දෙන අයගේ වැඩ. මාතෘකාව පලදායිතාව..... මිනිහා නිසා එතන හිටපු 200 කගේ විතර පැය භාගයක කාලය අපරාදේ. අඩුම ගානේ මිනිහා එකට සමාව ගත්තේවත් නෑ.)


දේශනය පටන් ගන්නකොටම ඉන්න තැන වෙනස් කරලා අදුනන්නේ නැති කෙනෙක් ලග ඉදගන්න කියලා කිව්වා. මම ලගට ආවේ අවුරුදු 35 ක විතර කෙනෙක්. මිත්‍රශීලි කෙනෙක් වුන ඒ කෙනා බොහොම ඉක්මනට මාත් එක්ක හිතවත් වුනා. ඒ කෙනාගේ නම් ගම මම මෙතන සදහන් කරන්නේ නෑ. අජිත් අයියා කියල මම එයාව හදුන්වන්නම්.


දැන් දේශනය කරගෙන යනවා. දේශකයා කියනවා "මුදල් පරිහරණය කරනකොට හැම වෙලාවේම අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න හොද නෑ, ඒ වගේම අපිට ලැබෙන අදායමෙන් ....% ක් වත් අපි ඉතුරු කරන්න ඕනේ. අපිට ඒ මුදල ඉතුරු කරන්න යට ඇදුමකට වැය කරන මුදල අඩු කරලා හරි කරන්න ඕනේ. මොකද යට අඩුම කාටවත් පෙනෙන්නේ නැනේ. උදාහරණයකට මගේ බිරිද අදින්නේ .....  ......  පැන්ටියක්. ඒ එකක් 600+ වෙනවා. රුපියල් 100 ක එකක් ඇන්දනම් එයාට එක
පැන්ටියකින් රුපියල් 500+ ඉතුරු කරන්න පුළුවන්....................................

දැන් විවේක කාලය ආවා. මේ වෙනකොට අජිත් අයියා මාත් එක්ක හොදටම හිතවත්. එයා පෞද්ගලික ආයතනයක පොඩි රැකියාවක් කරන කෙනෙක්. බබාලා දෙන්නෙක් ඉන්නවා. බිරිද රැකියාවක් කරන්නේ නැතිලු.


අජිත් අයියා : මල්ලි මතකද .........(දේශකයා) පැන්ටි කතාවක් කිව්වා?

මම : ඕව ඇයි....?
අජිත් අයියා : ඔයාට කියන්න මල්ලි ඒ මිනිස්සු රුපියල් 600 ට වැඩි පැන්ටි අදිනවා. යට ඇදුමෙන් හරි කීයක් හරි ඉතුරු ක‍රන්න කියනවා. මගේ නෝනට තියෙන්නේ පැන්ටි 5 යි, ඒ එකක්  රුපියල් 50 ට අඩුයි. මමයි එයයි ඒ 5 මාරුවෙන් මාරුවට අදිනවා. දැන් ඇදලා ඉන්නෙත් එයාගේ එකක්. මම 100 ක් දීල යට ඇදුමක් ගන්නේ නැත්තේ එකෙනුත්  පොඩි දෙන්නට මොනවහරි දෙයක් කරන්න පුළුවන් නිසා.

මගේ පපුව හිර වුනා වගේ දැනුනා. දුප්පත්කම දරු සෙනෙහස ආදරය ඒ වචනවල අවන්කවම තිබුනා


(මේ ලිපිය ලිව්වේ කාවවත් අපහසු තාවයකට පත්කරන්න නෙවේ. ආර්ථිකව දුප්පත් වුනත් දරු සෙනෙහස ආදරය වගේ දේවල් වලින් පොහොසත් අජිත් අයියා වගේ අයට උපහාරයක් පිණිසයි)

12 comments:

  1. ඔය වගේ වැඩසටහන් නරක නෑ... හැබැයි ඉතිං අපි දැනගන්න ඕන ඒ මිනිස්සුන්ගෙ බිස්නස් එක ඕක කියල...

    සාතනුත් ඕවට ගිහින් තියෙනවනෙ... හොඳ දේවල් ටික අරන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි කරන්න තියෙන්නෙ...

    අජිත් අයිය කියන කෙනා ප්‍රශ්න තිබුනත් දෙයක් ඉගෙන ගන්න ඕකට ආව කියන්නෙ මනුස්සයට උනන්දුවක් තියෙනව කියන එකනෙ... (මම දන්න විදිහට ඕවයෙ ටිකට් රු 100 - 200 ට නෑනෙ... ටිකක් ගනන්)

    ReplyDelete
  2. පෝස්ට් එක බොක්කටම වැදුනා. මමන කවදාවක් ඕවට ගිහිල්ලත් නෑ යන්න බලාපොරොත්තුවකුත් නෑ. ඵලදායිතාව සහ මුදල් ගැන දේශකයාට වඩා අජිත් අයියලා වගේ අය දන්නවා.......

    ReplyDelete
  3. එහෙම මිනිස්සුත් සමාජයේ ඉන්නවා කියලා දැනගත්තම ඇතිවෙන්නේ නම් දුකක්.....
    මමත් නම් ඔය දේශණ වලට ගිහිනුත් නෑ... යන්න බලාපොරොත්තුවකුත් නෑ....

    ReplyDelete
  4. @ පුසා හරියට හරි මචො

    ReplyDelete
  5. අනේ බං උඹට ඔය දේශකයගෙන් අහන්න තිබ්බේ ළුලදායිතාව ගැන දේශනයක් තියන්න ඉස්සෙල්ල තමන් ඒ දේවල් අනුගමනය කරනවද කියලා....ආයේ බයිලා නෑ බං....ඕකුංගේ වැදි බණ බං තියෙන්නේ...කරනකොට එහෙමයි කියනකොට මෙහෙමයි.....

    ReplyDelete
  6. ammoo.. meka harima sanvedi katawak

    ReplyDelete
  7. අපි ඔය වාගෙ දේශනවලට ගිහින් ප්‍රශ්ණයක්වත් අහන්නෙ නැතිව බණ අහන්න වාගෙ අහගෙන ඉන්නවට බොලාට හොඳ මොට ආයුධයකින් පහරදිය යුතුයි කියල තමා මගේ අදහස...

    ReplyDelete
  8. යාලුවා අහම්බෙන් මේ පැත්තට එවුනෙ. උඩින් පල්ලෙන් ගොඩක් කියෙවුවා. පැල්පත සුපිරියි. තව ලියන්න.

    ReplyDelete
  9. මගෙත් යාළුවෙක් ඉන්නවා. මිනිහත් නෝනගෙ යට ඇඳුම් අඳිනවා ගේමක් නැතිව. ඒ නම් සල්ලි නැතිකමටත් වඩා කම්මැලිකම. පොරගෙ ඒවා සේරම හෝදන්න බේසමේ දාල ගෑණිගෙ එකක් අඳන් වැඩට එනවා. මොනව වුණත් මේ අජිත් අයියගෙ ක්‍රමේ සල්ලි ඉතිරි කරගන්න පුළුවන් ලේසි විධියක් වගේ...

    ReplyDelete
  10. පේමන්ට් එකේ තියන රු. 50/- නයිලෝන් ඒවා ඇඳලා වල්ල කුරුවල් කරගන්න මම නම් කැමති නෑ කමිසයක් නැතුව වැඩට ගියත්...

    ReplyDelete
  11. Saman,hare :-), අකුරු සිත්තරා ,indi, Anonymous, Sameera, නචී, පූසා, සාතන් හැමෝටම බොහොම ස්තුතියි comments වලට

    සාතන් ඒ වැඩමුළුවේ ටිකට් එකක් රුපියල් 4000 ක් මටනම් පාස් එකක් ලැබුන.

    ReplyDelete
  12. කතාවනම් බොක්කටම වැදුනා

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න