මිනිහා මැරිලත් ගෑනි ගේ ගතිය එහෙමමයි ....

මේ සිද්දිය වුනේ මීට අවුරුදු 3-4 ට  කලින්. මගේ අන්තිම පෙම්වතිය ඉන්න කාලේ. (අන්තිම පෙම්වතිය කිව්වේ එයාව තමයි මම marry කලේ) මේ සිදුවීම වෙන දවස් වල මම එයා ගැන අම්මට යන්තමට විතර කියල තිබුනේ. අම්මයි මල්ලියි ඇරුනම කවුරුත් මගේ නෑදෑයෝ දැනගෙන හිටියේ න මේ ගැන.

ඔන්න මේ දවස් වල මට දුරින් නෑදෑයෙක් වෙන අය්යා කෙනෙක් accident එකකින් නැතිවුනා. එයාල ටිකක් දුප්පත්. ඒ අය්යා marry කරලා හිටපු අක්කා හිටියේ විදේශ ගත වෙලා. දෙන්නටම එච්චර වයසත් නෑ. තරුණ දෙන්නෙක්. අය්යා ගේ අවමගුලට අක්කට සති 2 ක නිවාඩුවක් ලබාගෙන එන්න ලැබුනා ලංකාවට. ඒ සති 2 න පස්සේ අපහු ඒ රටට එන පොරොන්දුව පිට.


කොහොම හරි මල ගෙදර වැඩ ඉවර වෙලා පහුවෙනිදා  අර අක්ක මට කිව්වා "මල්ලි පුලුවන්නම් මව හෙට කොලබ කම්කරු office එකට එක්ක යන්න, අයගේ වැඩ වගයක් කරන්න තියනවා " කියලා. මාත් ඉතින් පවුනේ කියලා හිතලා හා කියලා කිව්වා.


ඔන්න ඉතින් පහුවදා අක්කයි මමයි කොලබ යනවා. පැය 2 ක විතර ගමනක් නිසා පාන්දරම ආවා. එන ගමන් ඉතින් එයා ජොබ් එක කරන තැන විස්තර එනම් මනම් හැම දේම කතා කර කර ආවා. ඔය අතරේ අක්ක ඇහුව මෙහෙම


අක්කා : දැන් ඉතින් මල්ලිලාගේ වයසත් හරිනේ marry කරන්න එහෙම අදහසක් නැත්ද? අඩුම ගැනේ කෙල්ලෙක්වත් නැත්ද?

මම : (තරුණ වයසේ කෙනෙක්නෙ බොරුවක් කියන්න දෙයකුත් නැනේ ) නැත්තෙමත් නෑ

ඉතින් ඒ අක්කා මගෙන් විස්තර ඇහුවා ඒ ගැන. මමත් ටිකක් කිව්වා.


කොහොම හරි දවසම ඒ අක්කගේ වැඩ වලට කට්ට කාල රෑ 8 ට විතර ගෙදර ආවා. ඊට පස්සේ හත් දවසේ බන දවසේ රෑ තමයි මට ආයේ එහෙ යන්න ලැබුනේ. ඒ යනකොට නෑදෑයෝ ගොඩක් ඇවිත් හිටියා. ඔක්කොම මම ගිය වෙලාවේ ඉදලා මාව bite එකට ගන්නවා ලදී wedding එකක් තියනවා වගේ කතා කියලා. දැන් මට මාර upset . බලනකොට වැඩේ ගිනි තියලා තියෙන්නේ අර අක්කා. මිනිහා මැරිලා දවස් 7 ක් වත් නෑ. ඊට වඩා එයාට මේ ඔප දුපය ලොකු වෙලා. අපේ තාත්තා මේ ගැන දැන ගත්තෙත් මේ අක්කගේ ඔප දුපය නිසා. අඩුම ගානේ කොලබ ගිහින් කට්ට කාපු එකට වත් සලකලා පත්තර වල නොදා හිටියනම් මොකද වෙන්නේ. 


බ්‍රේෂියරය

මම මේක ලියන්නේ 100% ක්ම මගේ අදහසකින් නෙවේ. මට කියවන්නට ලැබුණු දේවල් වලින් මම ගත්ත අදහස් සහ මගේ අදහස් එකතු කරලා තමයි මම මේක ලිව්වේ. කියවලා බලලා දාන්නකෝ බලන්න අදහසක්...


බ්‍රේෂියරය

ස්වභාව ධර්මයා බිම බලාගෙන ඉන්න මවපු දේවල් වලට අපේ එවුන් බලෙන් අහස පෙන්නන්න හැදීම....

අමතක නොවෙන

නිතර ගොඩවෙන අය ගෙවුණු අවුරුද්ද මගේ ජීවිතේ අමතක නොවේනම අවුරුද්දක්, ගැටළු ප්‍රශ්න ගොඩක් මැද්දේ උත්සාහයෙන් ගොඩාක් දේවල් ලබාගන්න උනන්දු වුන ලබාගත්ත අවුරුද්දක්. නොලැබුණු දේවලුත් නැතුවම නෙවෙයි ( අපි බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නේ නැනේ)
පැල්පත ගොඩනැගුවෙත් මේ අවුරුද්දෙම තමයි. මේ වෙනකොට
පැල්පතට නිතර ගොඩවෙන අය 29 දක්වා ඉහල ගිහින්. ටික ටික comments දාන අයත් වැඩි වෙලා. හැමෝටම ගොඩක් ස්තුතියි.

ලබන්නා වූ  නව වසර ලක්වාසී ඔබ සැමටත් පිටරට වල ඉදල මගේ පැල්පතට ගොඩවෙන හැමටත් සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් "සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා"..

ලිව්වේ නැත්තේ ඇයි...

නැගිටලා  උදයේම
ලිව්වා නිදි කිරාගෙන
දිගනිසා කතාවම
ගියා කාලය හූ... කියාගෙන

නිසා සංවේදී.....

ලියු... ඒ පද පේලී...
නුසුදුසුයි සිතුනී...
අන්තිමම මොහොතේදී.....

ඒ නිසා නොදමමී...

ලියු... ඒ පද පේලී...
ලිව්වේ මේ ගී.....
කාපු කාලය ගැන දුක සිතී.......

මල් මල් පෑන්ටිය

මාසයකට දෙකකට කලින්  මට ප්‍රසිද්ධ දේශකයෙකුගේ වැඩමුළුවකට සහබාගි වෙන්න ලැබුනා. ඒ මගේ යාලුවෙකුට ලැබුන පාස් 2 න්එකක් මට දුන්න නිසා. වැඩමුළුව සහ දේශනය තිබුනේ "පලදායිතාව සහ මුදල්......... "  මාතෘකාවෙන්.

ඔන්න දැන් දවස උදා වුන. වැඩමුළුව තිබුනේ හවස. මමයි මගේ යාළුවයි පාස් එකේ වැඩමුළුව ආරම්භ වෙනවා කියලා සදහන් වෙලා තිබුණු වෙලාවට පැය කාලකට කලින් ගිහින් සාලාවේ එක ලග තිබුණු පුටු දෙකක වාඩි වුනා. මේ වෙනකොට සාලාවෙන් 90% විතර පිරිලා තිබුනේ.


ඔන්න දැන් පටන් ගන්නවා කියපු වෙලාව අවා. ම්හ්.. පටන් ගන්න පාටක් වත් නෑ. තවත් පැය කාලක් ගියා. ම්හ්.. තවම නෑ. කොහොමහරි පටන්ගන්නවා කියලා සදහන් වෙලා තිබුණු වෙලාවට විනාඩි 35 ට විතර පස්සේ ඔන්න දේශකයා ආවා. (මෙන්න මිනිස්සුන්ට ලොකු talk දෙන අයගේ වැඩ. මාතෘකාව පලදායිතාව..... මිනිහා නිසා එතන හිටපු 200 කගේ විතර පැය භාගයක කාලය අපරාදේ. අඩුම ගානේ මිනිහා එකට සමාව ගත්තේවත් නෑ.)


දේශනය පටන් ගන්නකොටම ඉන්න තැන වෙනස් කරලා අදුනන්නේ නැති කෙනෙක් ලග ඉදගන්න කියලා කිව්වා. මම ලගට ආවේ අවුරුදු 35 ක විතර කෙනෙක්. මිත්‍රශීලි කෙනෙක් වුන ඒ කෙනා බොහොම ඉක්මනට මාත් එක්ක හිතවත් වුනා. ඒ කෙනාගේ නම් ගම මම මෙතන සදහන් කරන්නේ නෑ. අජිත් අයියා කියල මම එයාව හදුන්වන්නම්.


දැන් දේශනය කරගෙන යනවා. දේශකයා කියනවා "මුදල් පරිහරණය කරනකොට හැම වෙලාවේම අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න හොද නෑ, ඒ වගේම අපිට ලැබෙන අදායමෙන් ....% ක් වත් අපි ඉතුරු කරන්න ඕනේ. අපිට ඒ මුදල ඉතුරු කරන්න යට ඇදුමකට වැය කරන මුදල අඩු කරලා හරි කරන්න ඕනේ. මොකද යට අඩුම කාටවත් පෙනෙන්නේ නැනේ. උදාහරණයකට මගේ බිරිද අදින්නේ .....  ......  පැන්ටියක්. ඒ එකක් 600+ වෙනවා. රුපියල් 100 ක එකක් ඇන්දනම් එයාට එක
පැන්ටියකින් රුපියල් 500+ ඉතුරු කරන්න පුළුවන්....................................

දැන් විවේක කාලය ආවා. මේ වෙනකොට අජිත් අයියා මාත් එක්ක හොදටම හිතවත්. එයා පෞද්ගලික ආයතනයක පොඩි රැකියාවක් කරන කෙනෙක්. බබාලා දෙන්නෙක් ඉන්නවා. බිරිද රැකියාවක් කරන්නේ නැතිලු.


අජිත් අයියා : මල්ලි මතකද .........(දේශකයා) පැන්ටි කතාවක් කිව්වා?

මම : ඕව ඇයි....?
අජිත් අයියා : ඔයාට කියන්න මල්ලි ඒ මිනිස්සු රුපියල් 600 ට වැඩි පැන්ටි අදිනවා. යට ඇදුමෙන් හරි කීයක් හරි ඉතුරු ක‍රන්න කියනවා. මගේ නෝනට තියෙන්නේ පැන්ටි 5 යි, ඒ එකක්  රුපියල් 50 ට අඩුයි. මමයි එයයි ඒ 5 මාරුවෙන් මාරුවට අදිනවා. දැන් ඇදලා ඉන්නෙත් එයාගේ එකක්. මම 100 ක් දීල යට ඇදුමක් ගන්නේ නැත්තේ එකෙනුත්  පොඩි දෙන්නට මොනවහරි දෙයක් කරන්න පුළුවන් නිසා.

මගේ පපුව හිර වුනා වගේ දැනුනා. දුප්පත්කම දරු සෙනෙහස ආදරය ඒ වචනවල අවන්කවම තිබුනා


(මේ ලිපිය ලිව්වේ කාවවත් අපහසු තාවයකට පත්කරන්න නෙවේ. ආර්ථිකව දුප්පත් වුනත් දරු සෙනෙහස ආදරය වගේ දේවල් වලින් පොහොසත් අජිත් අයියා වගේ අයට උපහාරයක් පිණිසයි)