නම්බු දීල බැනීම..

මගෙන් කලින් පොස්ට් එකටනම්  හොද ප්‍රතිචාර තිබුනා. එහෙම වෙනවනම් ලියන්න හිතෙනවා හෝ ගාලා.
මේක වුනේ මගේ යාලුවෙක්ගෙ යාලුවෙකුට. මම කසුන් කියලා කියන්නම්. මීට අවුරුදු 4-5 ට කලින් කසුන් ලංකාවේ ප්‍රධාන ආයතනයක ජොබ් training එකකට ගිහින්. කසුන්ලට junior batch එකකුත් ගිහින් තියනවා training එකට. දැන් කසුන්ලා මේ ආයතනයේ මාස 7-8 ක් ඉදලා. මේ  අතරේ ඒ ආයතනයේ කැන්ටිමේ කෑම රස නැතිලු. quality එකත් මදිලු. කැන්ටිම ගැන කසුන්ලගේ batch එකේ අය HR එකට පැමිණිලි කරලා.

HR එකෙන් කැන්ටිමට පලවෙනි දැනුම්දීම දීල. ම්හ් ...   වෙනසක නෑ
කසුන්ලගේ junior batch එක HR එකට දෙවෙනි පැමිණිල්ල දාලා.
HR එකෙන් කැන්ටිමට ටිකක් තදට දෙවෙනි දැනුම් දීම කරලා..

එත් වෙනසක් නැතිලු. වෙනසක් නෑ කිව්වට වෙනසක් වෙලා නැත්තෙමත් නෑ. කැන්ටිම කරන අයට ආරංචි වෙලා එයාලට විරුද්දව HR එකට පැමිණිලි කලේ කවුද කියලා. ආරංචි වෙලා තියෙන්නේ කසුන්ලගේ junior batch එක  මේක කරා කියලා. ඉතින් කැන්ටිමේ අය දැන් ටිකක් කසුන්ලටයි එයාලගේ juniors ලටයි දැන් අඩු සැලකිලිලු. ඒ වුනාට කෑම වල රසවත් quality එකවත් වෙනස් වෙලා නම් නෑ.

තුන් වෙනි action එක ආයේ ගත්තේ කසුන්ලා. එයාලා කැන්ටිමේ lunch packet 2 ක් අරගෙන  ගිහින් HR එකට පෙන්නලා. ඔන්න HR එකටත් ඒ වෙලාවේ ඇත්ත හොදටම තේරිලා. HR එකෙන් කැන්ටිමට කියලා එයාලගේ agreement එක අවලංගු කළා , ඒ නිසා සති 2 ක් ඇතුලත් කැන්ටිමේ බඩු බාරදීල යන්න කියලා.

කැන්ටිමේ අයත් වෙඩි කාපු ගෝනා වගේ කුලප්පු වෙලා මේ සිද්දියෙන්. එයාලට හිතිලා තියෙන්නේ මේ වැඩේ කලේ කසුන්ලගේ junior batch එකේ අය කියලා.

මේ අතරේ junior batch එකේ අය කැන්ටිම පැත්තේ ගිය වෙලාවක කැන්ටිමේ අය හොදටම unior batch එකට බනිනවලු. රණ්ඩුවක් ඔන්න මෙන්න වගේලු. මේ අතරේ මේ වෙලාවේ කසුන්ලත් මේ පැත්තේ ගිහින්.

දැන් හොදටම බහින් බස් වීම වෙනවා. පොඩි අයයි කැන්ටිමේ අයයි. කසුන් ගිහිල්ලා මේක සමතයකට පත් කරන්න කතාකරලා.
යක්ෂයා ආවේශ වෙලා හිටපු කැන්ටිමේ එක්කෙනෙක් කසුන්ගේ shirt එකෙන් ඇදලා " මේ මහත්තයා, මහත්තයාගේ අම්මට xxxxx නැතුව යනවද?  මේක අපේ කේස් එකක්නේ. මහත්තයා...බොරුවට මේවට ගැවිලා  මඩ ගාගන්න ඕනේ නැනේ. මහත්තයාගේ xxx කපාගන්නේ නැතුව ආපු අතක් බලාගෙන යන්න " කියලා

මොන කුනුහරුපේ කියලා බැන්නත් මිනිහා කසුන්ට උබ කියලවත් නෑ. මහත්තයා විතරයි. කොහොම වුනත් කට්ටිය විප්ලවේ දිනලා. සති 3 න් ආවලු සුපිරි කට්ටියක් කැන්ටිම කරන්න.

4 comments:

  1. කසුනයටනම් මොකුත් කියල නෑ... උගෙ අම්මට තමයි කියන්න ‍තියෙන ඒව කියල තියෙන්නෙ...

    ReplyDelete
  2. කසුන්ලා කරපු වැඩේ හොඳයි.

    අසාධාරනේ දැක්කාම ඉවසගෙන ඉන්න එක නිවට කම. දීන කම.

    පුලුවන් විදිහකින් විරුද්ධ වෙන එක තමයි අදීන කම.

    ReplyDelete
  3. නම්බු කාර විදිහට බැන්නත් අම්මාට බනිකම් බලාගෙන ඉන්න එකෙක් ඉන්නවද?

    ReplyDelete
  4. බීටා :
    දුකා :
    සාතන් : comments වලට 1000 Thanx

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න