කේලම.......

 බ්ලොග් ලියන එක එපා... වෙන්නේ comment නැති වෙනකොට තමයි. comment නොතිබුනොත් ආයේ ලියන්නේ නම් නෑ..

මම
හිරේ වැටිලා අදට මාස 3 යි දවස් ගානයි.  මේ සිද්දිය වුනේ නම් මාව හිරේ වැටිලා මාස 2 ට විතර පස්සේ. wedding එකෙන් පස්සේ අපි අපේ මහ ගෙදර නතර වුනා. මේ අතරේ දවසක් අපේ අම්ම අදුනන කෙනෙක්  අම්මව බලන්න අපේ ගෙදර ආවා. එයා මගේ wife ව දැකල තිබුනේ නෑ මීට කලින්. ඒ වෙලාවේ මම මගේ කාමරේ හිටියේ. wife එයාව අදුනන්නේ නැති වුනාට එයා අම්මව අහගෙන ආපු නිසා ගෙට එන්න කියලා අම්මව අහගෙන අමුත්තෙක් ආවා කියන පණිවිඩයත් අම්මට දීගෙන wife කාමරේට ආවා.

දැන් ඔන්න මේ අමුත්තියි  අම්මත් එක්ක හෝ ගාලා කතාව. මේ කෙනා ඕපා දුප කියන්න ගිනි තියන්න උපන් හපන් කෙනෙක්. එත් අපේ ගෙදරටනම් එයා පලවෙනි වතාවට ආවේ. අම්මයි එයයි කතා කරන දේ අපේ කාමරේට හොදට ඇහෙනවා. මෙයාගේ හැටි දන්නා නිසා අම්මත් බොහොම පරිස්සමින් තමයි කතා බහ කලේ. අපේ ගෙදර ගැණු ළමයි නෑ. wife හිටියා කියලා එයාට එච්චර මීටර් වෙලත් නෑ. නැත්නම් එයා අම්මගෙන් මුලින්ම අහන්නේ ඒ ගැන.


අමුත්තා : එක නෙවෙයි මම මේ තකහනියක්ම ආවේ වැදගත් පණිවිඩයක් දෙන්න.

අම්ම : ඒ මොකක්ද?

අමුත්තා: ඔයාලගේ ලොකු පුතා දවස් 2 ට කලින් ගැණු ළමයෙකුත් එක්ක bike එකේ යනවා මම දැක්ක,

අම්ම : නිහඩයි .....

අමුත්තා : පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද? මේ වයසට කොහෙවත් යන උරචක්කරමාලයක් වත් අල්ලගත්තොත්....  bla ....  bla .... bla ......

අම්ම : එත් නිහඩයි

අමුත්තා: මේ දේවල් දැකලා නොකියා ඉන්න එක හරි නැති නිසා තමයි තකහනියක් මම මේ ආවේ කියන්න.

අම්ම : ගොඩක් ස්තුතියි පණිවිඩේ දුන්නට ඒ ලොකු පුතාගේ wife

අමුත්තා : ඇ කොල්ල ඒ කෙල්ලව බැදලද? අපරාදෙනේ... ඔයාලගෙත් වැරදි ටිකක් හොයල බැලුවනම් ඔය වගේ දෙයක් වෙන්නේ නැනේ. bla ....  bla .... bla ......(එයා කතා කරන්නේ අපි හොරෙන් පැනලා ගිය ගානට )

අම්ම :  මම හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා. ඒ දෙන්න යාලු වෙලත් ගොඩක් කල්. ගෙවල් දෙකෙන්ම කතා කරලත් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි හොදට හොයලා බලලා තමයි කලේ.
    දෝනි (අම්මා wife ට කතා කරන්නේ දෝනි කියලා) ඔය wedding ඇල්බම් එකයි DVD එකයි අරන් එන්න මේ ඇන්ටි ට බලන්න.

අම්මා wife ව එයාට අදුන්වලා දීලා ඇල්බම් එකත් පෙන්නලා DVD එකත් යැව්වා බලන්න කියලා (එයාගේ සැකේ නිවැරදි කරන්න) 


එයා ගියාට පස්සේ කාමරේට ආවා wife කිව්වේ "හොද වෙලාවට අපි ගෙවල් වලට හොරෙන් යාලු වෙලා ඉන්න කාලේ මේ කෙනා දැක්කේ නැත්තේ" කියලා

11 comments:

  1. කමෙන්ට් නැති උනාට ගනන් ගන්න එපා.. අපේ බ්ලොග් වලටත් දැන් තමයි කමෙන්ට් වැටෙන්නේ... අපේ මුල් කාලේ ලිපිත් බලන්නකෝ... ඒවට කමෙන්ට් නැති තරම්....

    සුභ පැතුම්... ජය...

    ReplyDelete
  2. අප්පා ලියපං ලියපං..ඔන්න මාත් එකක් දැම්මා..ඔය අභීත උන්නැහේ කියලා තියෙන ටික තමා මට උනත් කියන්න තියෙන්නේ

    ReplyDelete
  3. ලියන එක නවත්තන්න එප බං. අභීත කිව්ව වගෙ අපි හැමෝටම එහෙම තමා. කමෙන්ට් නොදැම්මට උබෙ බ්ලොග් එක ගොඩක් අය කියවනවා. ඒ නිසා දිගටම ලියන්න//
    ජය,,,,

    ReplyDelete
  4. මම උඹ වුනානම් ඔය එළියට ඇවිත් ඔය අමුත්තිගෙන් අහනව ඔයාගෙ දුවෙක්වත් මට දෙන්න හිතන් හිටියද කියල...:D

    කසාදයක් බදින්නෙ නැද්ද අහන අයගෙන්නම් දැනටත් අහන්නෙ ඔයාට දුවෙක් ඉන්නවද කියල...

    ReplyDelete
  5. සාතන්, Gayan Rupasinghe, මාරයාගේ හෝරාව, අභීත : comment කලාට ගොඩක් ස්තුතියි. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා

    මාරයා අය්යේ මම ඔයාගේ බ්ලොග් එක කියවන කෙනෙක්, පුලුවන්නම් එකේ name url comment active කරන්නකෝ. ඔයාගේ චිලි පේස්ට් එකනම් මරු. මට wife ගෙන් මාර ලකුණු.

    ReplyDelete
  6. හික් හික්... මට මැවිල පේනවා...... :D

    ReplyDelete
  7. ඔය ඇන්ටි මටනේ හම්බ වෙන්න තිබ්බේ

    ReplyDelete
  8. පෙනේද මේ ගෑණුන්ගේ හැටි.......
    ඔය ගෑණි මම කෙල්ල එක්ක ඉන්නව එහෙම දැක්කොත් මම ඉවරය්....හික්ස්ය...

    ReplyDelete
  9. ආයි පිස්සුවක් ඇතෑ.කමෙන්ට් තිබ්බත් නැතත් ලිපි ලියන්න අයියේ.අපිත් ඔයාට කිව්වට කමෙන්ට් නම් ලෑල්ලෙන් තමා.
    එළ සීන් එක...අපටත් හොඳ පාඩම්..හික්z

    ReplyDelete
  10. අපේ රටේ සමහර අම්මණ්ඩිලා ඔහොම තමයි බන්.

    උන් කෙල්ලෝ කාලේ ගහන්න පුලුවන් හතර වරම් ඔක්කෝම ගහල දහ අට සන්නියම නටලා වයස ගිය ගමන් පත්තිනි අම්මල වගේ වෙන උන් ලොවෙ කරනවට අකුල් හෙලන්න ට්‍රයි කරනව.

    ඕකට කියන්නේ අසහනේ බන් . . .

    හැබැයි මම නම් කියන්නේ උඹලගේ අම්මට කියන්න තිබ්බේ උන්දැට හොඳවැයින් ලුනු ඇඹුල් ඇතුව ආපහු අනුන්ගේ මගුල් වලට හොට නොදාන්නම . .

    ReplyDelete
  11. This is a great work that you did,and it is really a great and superb pleasure to see some of the greatest and outstanding stuff that you share,so i will say thanks for sharing this great stuff.

    Buy UK Dissertation|Buy Dissertation Online

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න