අවුරුදු 60 ගැණු ළමයා

මේ කතාව සිද්ද වුනෙත් මගේ යාළුවගේ pharmacy එකේදී. මේ pharmacy  එකෙන් බෙහෙත් ගන්න එන උදවියට අවශ්‍ය වුනොත් ඉදගන්න පුටු කිහිපයක් පැත්තකින් තියල තියනවා. ගැබිණි මවක් ස්වාමින් වහන්සේ කෙනෙක් වයසක කෙනෙක් හිටගෙන ඉන්න අමාරු කෙනෙක් ආවම  ඉදගන්න තමයි මේ පුටු තියලා තියෙන්නේ. ඒ වගේම මේ pharmacy එකේ board ගහල නොතිබුනාට වයස 57 ට වැඩි අයට සම්පූර්ණ බිලට 5% ක discount  එකක් දෙනවා.   (දැන් අහන්න එපා වයස දැනගන්නේ කොහොමද කියලා. දොස්තර මහත්තුරු දෙන කොලේ වයස සදහන් කරලා තියනවා.)

ඔන්න දවසක්
වයස 60 ක විතර ගැණු ළමයෙක් මෙතනට ආවා බෙහෙත් ගන්න. (අපහාසයකට නෙවෙයි එහෙම කිව්වේ. කතාව කියල ඉවර වුනාම comment එකක් දාන්නකෝ මම එහෙම කිව්වා එක හරිද වැරදිද කියල)

මේ වෙලාවේ
pharmacy   සෙනග ටිකක් හිටපු නිසා මගේ යාලුවා මේ තැනැත්තියගේ බෙහෙත් තුණ්ඩුව ඉල්ලගෙන මෙහෙම කිව්වා.

යාලුවා: අම්මා ටිකක් විතර වෙලා යනවා බෙහෙත් ටික දාන. එතකම් අම්මා ඔය පුටුවකින් වාඩි වෙලා ඉන්න මම බෙහෙත් ටික ලෑස්ති කරලා කතා කරන්නම්.

රෝගියා: හ්ම්...    ඔයා හිතුවද මම 60 පැනලා කියලා හිටගෙන ඉන්න බැරිවෙන්න.
යාලුවා: එතකොට අම්ම මේ දොස්තර මහත්තයා ලියල තියෙන්නේ වයස 60 කියලා වැරදිලා වෙන්න ඇති නේද..?

කොහොමහරි විනාඩි 5 න්විතර යාගේ බෙහෙත් ටික ලෑස්ති කරලා බිලත් හැදුවා. 5% discount එක දැම්මම ගාන ආවේ රුපියල් 129.75( ආසන්න සත 25 ට වටයුවම )


බිලේ නිවැරදි ගන්නයි discount එක දැම්මම ගානයි සදහන් කරලා 130 යි කියලා දාල වටෙන් ලොකු රවුමකුත් ගැහුවා. (දන්නවනේ බිල් වල ගාන වටේ රවුමක් අදින්නේ අන්න එක, දන්නේ නැති ය දන්නා කෙනෙක්ගෙන් අහල බලන්න)


දැන් මේ තැනැත්තිය රුපියල් 150 ක් දුන්න. යාළුවා රුපියල් 20 ක් ඉතුරු දෙන ගමන් මෙහෙම කිව්වා.


යාලුවා: අම්මා සත 25 ක් නම් නෑ. කමක් නෑ නේද ?

රෝගියා: හ්ම්....   අපි දන්නවා ඔයාලත් අර කොxxxතර  ලා වගේ ඉතුරු සල්ලි නොදී දවසකට ලොකු ගානක් ගහගන්නවා කියලා.

(ඒ ගැණු කෙනාට දුන්න 5% discount එකට වඩා අර සත 25 ඉතුරු නොදුන්නා එක තමයි දැනිලා තියෙන්නේ. ඇත්තටම ඒ වෙලාවේ ලාච්චුවේ සත 25 ක් තිබුනේ නෑ)



 

2 comments:

  1. අනේ මේ වගේ මිනිස්සු

    ReplyDelete
  2. ඔන්න අපේ මිනිස්සු . . . සංසාරේ . ..

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න