නම්බු දීල බැනීම..

මගෙන් කලින් පොස්ට් එකටනම්  හොද ප්‍රතිචාර තිබුනා. එහෙම වෙනවනම් ලියන්න හිතෙනවා හෝ ගාලා.
මේක වුනේ මගේ යාලුවෙක්ගෙ යාලුවෙකුට. මම කසුන් කියලා කියන්නම්. මීට අවුරුදු 4-5 ට කලින් කසුන් ලංකාවේ ප්‍රධාන ආයතනයක ජොබ් training එකකට ගිහින්. කසුන්ලට junior batch එකකුත් ගිහින් තියනවා training එකට. දැන් කසුන්ලා මේ ආයතනයේ මාස 7-8 ක් ඉදලා. මේ  අතරේ ඒ ආයතනයේ කැන්ටිමේ කෑම රස නැතිලු. quality එකත් මදිලු. කැන්ටිම ගැන කසුන්ලගේ batch එකේ අය HR එකට පැමිණිලි කරලා.

HR එකෙන් කැන්ටිමට පලවෙනි දැනුම්දීම දීල. ම්හ් ...   වෙනසක නෑ
කසුන්ලගේ junior batch එක HR එකට දෙවෙනි පැමිණිල්ල දාලා.
HR එකෙන් කැන්ටිමට ටිකක් තදට දෙවෙනි දැනුම් දීම කරලා..

එත් වෙනසක් නැතිලු. වෙනසක් නෑ කිව්වට වෙනසක් වෙලා නැත්තෙමත් නෑ. කැන්ටිම කරන අයට ආරංචි වෙලා එයාලට විරුද්දව HR එකට පැමිණිලි කලේ කවුද කියලා. ආරංචි වෙලා තියෙන්නේ කසුන්ලගේ junior batch එක  මේක කරා කියලා. ඉතින් කැන්ටිමේ අය දැන් ටිකක් කසුන්ලටයි එයාලගේ juniors ලටයි දැන් අඩු සැලකිලිලු. ඒ වුනාට කෑම වල රසවත් quality එකවත් වෙනස් වෙලා නම් නෑ.

තුන් වෙනි action එක ආයේ ගත්තේ කසුන්ලා. එයාලා කැන්ටිමේ lunch packet 2 ක් අරගෙන  ගිහින් HR එකට පෙන්නලා. ඔන්න HR එකටත් ඒ වෙලාවේ ඇත්ත හොදටම තේරිලා. HR එකෙන් කැන්ටිමට කියලා එයාලගේ agreement එක අවලංගු කළා , ඒ නිසා සති 2 ක් ඇතුලත් කැන්ටිමේ බඩු බාරදීල යන්න කියලා.

කැන්ටිමේ අයත් වෙඩි කාපු ගෝනා වගේ කුලප්පු වෙලා මේ සිද්දියෙන්. එයාලට හිතිලා තියෙන්නේ මේ වැඩේ කලේ කසුන්ලගේ junior batch එකේ අය කියලා.

මේ අතරේ junior batch එකේ අය කැන්ටිම පැත්තේ ගිය වෙලාවක කැන්ටිමේ අය හොදටම unior batch එකට බනිනවලු. රණ්ඩුවක් ඔන්න මෙන්න වගේලු. මේ අතරේ මේ වෙලාවේ කසුන්ලත් මේ පැත්තේ ගිහින්.

දැන් හොදටම බහින් බස් වීම වෙනවා. පොඩි අයයි කැන්ටිමේ අයයි. කසුන් ගිහිල්ලා මේක සමතයකට පත් කරන්න කතාකරලා.
යක්ෂයා ආවේශ වෙලා හිටපු කැන්ටිමේ එක්කෙනෙක් කසුන්ගේ shirt එකෙන් ඇදලා " මේ මහත්තයා, මහත්තයාගේ අම්මට xxxxx නැතුව යනවද?  මේක අපේ කේස් එකක්නේ. මහත්තයා...බොරුවට මේවට ගැවිලා  මඩ ගාගන්න ඕනේ නැනේ. මහත්තයාගේ xxx කපාගන්නේ නැතුව ආපු අතක් බලාගෙන යන්න " කියලා

මොන කුනුහරුපේ කියලා බැන්නත් මිනිහා කසුන්ට උබ කියලවත් නෑ. මහත්තයා විතරයි. කොහොම වුනත් කට්ටිය විප්ලවේ දිනලා. සති 3 න් ආවලු සුපිරි කට්ටියක් කැන්ටිම කරන්න.

කේලම.......

 බ්ලොග් ලියන එක එපා... වෙන්නේ comment නැති වෙනකොට තමයි. comment නොතිබුනොත් ආයේ ලියන්නේ නම් නෑ..

මම
හිරේ වැටිලා අදට මාස 3 යි දවස් ගානයි.  මේ සිද්දිය වුනේ නම් මාව හිරේ වැටිලා මාස 2 ට විතර පස්සේ. wedding එකෙන් පස්සේ අපි අපේ මහ ගෙදර නතර වුනා. මේ අතරේ දවසක් අපේ අම්ම අදුනන කෙනෙක්  අම්මව බලන්න අපේ ගෙදර ආවා. එයා මගේ wife ව දැකල තිබුනේ නෑ මීට කලින්. ඒ වෙලාවේ මම මගේ කාමරේ හිටියේ. wife එයාව අදුනන්නේ නැති වුනාට එයා අම්මව අහගෙන ආපු නිසා ගෙට එන්න කියලා අම්මව අහගෙන අමුත්තෙක් ආවා කියන පණිවිඩයත් අම්මට දීගෙන wife කාමරේට ආවා.

දැන් ඔන්න මේ අමුත්තියි  අම්මත් එක්ක හෝ ගාලා කතාව. මේ කෙනා ඕපා දුප කියන්න ගිනි තියන්න උපන් හපන් කෙනෙක්. එත් අපේ ගෙදරටනම් එයා පලවෙනි වතාවට ආවේ. අම්මයි එයයි කතා කරන දේ අපේ කාමරේට හොදට ඇහෙනවා. මෙයාගේ හැටි දන්නා නිසා අම්මත් බොහොම පරිස්සමින් තමයි කතා බහ කලේ. අපේ ගෙදර ගැණු ළමයි නෑ. wife හිටියා කියලා එයාට එච්චර මීටර් වෙලත් නෑ. නැත්නම් එයා අම්මගෙන් මුලින්ම අහන්නේ ඒ ගැන.


අමුත්තා : එක නෙවෙයි මම මේ තකහනියක්ම ආවේ වැදගත් පණිවිඩයක් දෙන්න.

අම්ම : ඒ මොකක්ද?

අමුත්තා: ඔයාලගේ ලොකු පුතා දවස් 2 ට කලින් ගැණු ළමයෙකුත් එක්ක bike එකේ යනවා මම දැක්ක,

අම්ම : නිහඩයි .....

අමුත්තා : පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද? මේ වයසට කොහෙවත් යන උරචක්කරමාලයක් වත් අල්ලගත්තොත්....  bla ....  bla .... bla ......

අම්ම : එත් නිහඩයි

අමුත්තා: මේ දේවල් දැකලා නොකියා ඉන්න එක හරි නැති නිසා තමයි තකහනියක් මම මේ ආවේ කියන්න.

අම්ම : ගොඩක් ස්තුතියි පණිවිඩේ දුන්නට ඒ ලොකු පුතාගේ wife

අමුත්තා : ඇ කොල්ල ඒ කෙල්ලව බැදලද? අපරාදෙනේ... ඔයාලගෙත් වැරදි ටිකක් හොයල බැලුවනම් ඔය වගේ දෙයක් වෙන්නේ නැනේ. bla ....  bla .... bla ......(එයා කතා කරන්නේ අපි හොරෙන් පැනලා ගිය ගානට )

අම්ම :  මම හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා. ඒ දෙන්න යාලු වෙලත් ගොඩක් කල්. ගෙවල් දෙකෙන්ම කතා කරලත් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි හොදට හොයලා බලලා තමයි කලේ.
    දෝනි (අම්මා wife ට කතා කරන්නේ දෝනි කියලා) ඔය wedding ඇල්බම් එකයි DVD එකයි අරන් එන්න මේ ඇන්ටි ට බලන්න.

අම්මා wife ව එයාට අදුන්වලා දීලා ඇල්බම් එකත් පෙන්නලා DVD එකත් යැව්වා බලන්න කියලා (එයාගේ සැකේ නිවැරදි කරන්න) 


එයා ගියාට පස්සේ කාමරේට ආවා wife කිව්වේ "හොද වෙලාවට අපි ගෙවල් වලට හොරෙන් යාලු වෙලා ඉන්න කාලේ මේ කෙනා දැක්කේ නැත්තේ" කියලා

adsense සහ වෙනත් ඒවා.....

මම මේ වගේ මාතෘකාවක් ගැන කොහෙත්ම ලියන්න නම් නෙවේ හිටියේ. එත් මේ බ්ලොග් ලියන හැමෝම ඇඩ්සෙන්ස් ගන්න මහන්සි වෙන නිසා තමයි මම මේ ලිපිය ලියන්නේ.
ඇඩ්සෙන්ස් කියන්නේ ලෝකයේ අංක එකේ අඩ්වටයිසින් ආයතනයක්. ඒ වගේම තවත් ආයතන ගොඩක් තියනවා. කවුරු කොහොම කිව්වත් මේ කිසිම ක්‍රමයකට මාසෙකට ලක්ෂ ගණන් නම් හොයන්න බෑ (මගේ මතය) ඒත් යම් කිසි ප්‍රමාණයක් හොයන්න පුළුවන්.

අපේ බ්ලොග් එකට ඇඩ් දාගත්තම සල්ලි හම්බ කරන්න නම් කවුරු හරි අපේ ඇඩ් click කරන්න ඕනේ. එහෙම click කරන්න නම් අපේ site බලන්න කට්ටිය එන්න ඕනේ. එත් මෙහෙම එන හැමෝම ඇඩ් click කරන්නේ නෑ. සමහර විට 100 දෙනෙක් ආවත් එක click එකක් වත් නැති වෙන අවස්ථා තියෙනවා. ඇඩ් එකක් දැක්කම එකේ තමන්ට වැදගත් දෙයක් තියෙනවනම් විතරයි කෙනෙක් එක click කරන්නේ. සමහර අය වැදගත් උනත් ඇඩ් click කරන්නේ නෑ, තව කෙනෙක් එකෙන් කීයක් හරි හම්බ කරගන්න නිසා. මේ මානසිකත්වය තියෙනකම් කාටවත්  සල්ලි හම්බ කරන්න බෑ බ්ලොග් එකෙන්.

එහෙම කියලා දකින දකින site එකේ දකින දකින ඇඩ් click කරන්න ගියත් ඒ පුද්ගලයට ඔබ කරන්නේ හානියක්. ඔබ යම්කිසි වෙබ් හෝ බ්ලොග් අඩවියකට ගියාම එකේ විනාඩි 5-6 ක් හිටියනම් ඔබ ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියෙන් යම් කිසි දෙයක් ගත්තනම් (ඔබේ ජීවිතයට, දැනුම හෝ වෙන යම් දෙයක් ) එයට ගෙවීමක් විදියට ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියේ තියෙන ඇඩ් දෙසත් ටිකක් බලලා ඒවායිනුත් ඔබට වැදගත් වෙයි කියලා හිතෙන (යම්කිසි දැනුම හෝ වෙනයම් දෙයක් ඔබට ගත හැකි) ඇඩ් එකක් විතරක් click කරන්න. click කරලා විතරක් මදි එහිදී ලැබෙන වෙබ් පිටුවේ ඔබ ටික වෙලාවක් ගත කරන්න ( ඉන් ඔබේ ජීවිතය යමක් ගන්න ) එවිට ඔබ ඉබේම ඔබ යමක් ගත් වෙබ් හෝ බ්ලොග් අඩවියට යම් කිසි ගෙවීමක් කර අවසන්. මේ විදියට හැමෝම හිතුවොත් ඇඩ්සෙන්ස් නෙවෙයි මොන ඇඩ් බ්ලොග් එකට දැම්මත් හැමෝටම කීයක් හරි හොයාගන්න බැරි කමක් නෑ. මෙහිදී ඔබ මතකතබා ගත යුතු අනෙත් වැදගත්ම කාරණය වන්නේ ඔබ යම් බ්ලොග් අඩවියක ඇඩ් එකක් click කලේ නම් නැවත දින 12-14 ක් ගත වන තුරු එම බ්ලොග් අඩවියේම නැවත ඇඩ් click නොකිරීමට වග බලා ගන්න.

වැදගත් : ඔබ යම් කිසි බ්ලොග් අඩවියක  ඇඩ් එකක් හිතා මතාම click කරන්නේ නම් මා ඉහත පැවසු පරිදි ඔබ ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියෙන් යම් කිසි දෙයක් ගත්තනම් (ඔබේ ජීවිතයට, දැනුම හෝ වෙන යම් දෙයක් ) එයට කල ගුණ සැලකීමේ අදහසින් පමණක් click කරන්න. මා වැරදි නම් නිවැරදි කරන්න. comment ඉතා අගේ කොට සලකමි.

දුම් පරීක්ෂණය

මම ගිය සතියේ ගියා මගේ discover යානයේ දුම් පරීක්ෂණය කරන්න. දන්නවනේ දුම් පරීක්ෂණය කරන්නේ අයි කියලා. දන්නේ නැති අය දන්නා කෙනෙක්ගෙන් අහ ගන්න හොදේ.

"පදවන්න කොළ" තැනකට තමයි මම ගියේ. වෙලාව උදේ 9.30 ට විතර ඇති. යනකොට එතන වාහන තිබුනේ නෑ. එතන හිටි සේවකයෙක් මට කතා කළා.
සේවකයා: මහත්තයා මොකක කරගන්නද?

මෙතනට එන්නේ අල තම්බගන්නද? කියල අහන්න හිතුනා.එත් ඇහුවේ නෑ.

මම : bike එකේ එකේ smoke test එක කරගන්න කියලා.
සේවකයා : අපේ manager මහත්තයලා දෙන්නම දැන් එලියට ගිහිල්ල. එනකොට 10.30 විතර වෙයි. එයාල නැතුව රෙපොර්ට් එක අත්සන් කරන්න විදියක් නෑ.
මම : හා කමක් නෑ.මම ගිහින් එන්නම්.

කියලා 10.30 වෙනකම් insurance එක කරගන්නවා කියලා හිතලා එතනින් පිටත් වුනා. පිටත් වුනාට මට sure නෑ අර manager ල දෙන්න 10.30 ටම එයිද නැත්ද කියලා. ආපහු discover යානය  land කළා  දුම් පරීක්ෂා කරන තැනට.

මම : excuse me, sure එකට 10.30 ට කරගන්න පුළුවන් වෙයි නේද?
සේවකයා: 10.30 කිව්වට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි.
මම : 11 ට එන්නම් එහෙනම් මම?
සේවකයා: කෝකටත් මහත්තය 1 ට 2 ට විතර එන්නකෝ.ඒ වෙලාවට ආවම ඉදිවී. 

මට හොදටම කේන්තියි දැන්නම්.

මම : ලොකුවට board එකක් නම් ගහල තියනවා මෙච්චර විනාඩි ගානකින් දෙනවා කියල, කරගන්න ගියාම පැය ගානක් රස්තියාදු වෙන්න  ඕන. මොකටද ඔයාල මේක ඇරලා තියෙන්නේ?

කියලා මම එතනින් පිටත් වෙලා තවත් 15 km ගිහින් වෙන තැනකින් දුම් ටෙස්ට් එක කරගෙන license , insurance , හදාගෙන 11.30 වෙනකොට ගෙදරත් ආවා.

අවුරුදු 60 ගැණු ළමයා

මේ කතාව සිද්ද වුනෙත් මගේ යාළුවගේ pharmacy එකේදී. මේ pharmacy  එකෙන් බෙහෙත් ගන්න එන උදවියට අවශ්‍ය වුනොත් ඉදගන්න පුටු කිහිපයක් පැත්තකින් තියල තියනවා. ගැබිණි මවක් ස්වාමින් වහන්සේ කෙනෙක් වයසක කෙනෙක් හිටගෙන ඉන්න අමාරු කෙනෙක් ආවම  ඉදගන්න තමයි මේ පුටු තියලා තියෙන්නේ. ඒ වගේම මේ pharmacy එකේ board ගහල නොතිබුනාට වයස 57 ට වැඩි අයට සම්පූර්ණ බිලට 5% ක discount  එකක් දෙනවා.   (දැන් අහන්න එපා වයස දැනගන්නේ කොහොමද කියලා. දොස්තර මහත්තුරු දෙන කොලේ වයස සදහන් කරලා තියනවා.)

ඔන්න දවසක්
වයස 60 ක විතර ගැණු ළමයෙක් මෙතනට ආවා බෙහෙත් ගන්න. (අපහාසයකට නෙවෙයි එහෙම කිව්වේ. කතාව කියල ඉවර වුනාම comment එකක් දාන්නකෝ මම එහෙම කිව්වා එක හරිද වැරදිද කියල)

මේ වෙලාවේ
pharmacy   සෙනග ටිකක් හිටපු නිසා මගේ යාලුවා මේ තැනැත්තියගේ බෙහෙත් තුණ්ඩුව ඉල්ලගෙන මෙහෙම කිව්වා.

යාලුවා: අම්මා ටිකක් විතර වෙලා යනවා බෙහෙත් ටික දාන. එතකම් අම්මා ඔය පුටුවකින් වාඩි වෙලා ඉන්න මම බෙහෙත් ටික ලෑස්ති කරලා කතා කරන්නම්.

රෝගියා: හ්ම්...    ඔයා හිතුවද මම 60 පැනලා කියලා හිටගෙන ඉන්න බැරිවෙන්න.
යාලුවා: එතකොට අම්ම මේ දොස්තර මහත්තයා ලියල තියෙන්නේ වයස 60 කියලා වැරදිලා වෙන්න ඇති නේද..?

කොහොමහරි විනාඩි 5 න්විතර යාගේ බෙහෙත් ටික ලෑස්ති කරලා බිලත් හැදුවා. 5% discount එක දැම්මම ගාන ආවේ රුපියල් 129.75( ආසන්න සත 25 ට වටයුවම )


බිලේ නිවැරදි ගන්නයි discount එක දැම්මම ගානයි සදහන් කරලා 130 යි කියලා දාල වටෙන් ලොකු රවුමකුත් ගැහුවා. (දන්නවනේ බිල් වල ගාන වටේ රවුමක් අදින්නේ අන්න එක, දන්නේ නැති ය දන්නා කෙනෙක්ගෙන් අහල බලන්න)


දැන් මේ තැනැත්තිය රුපියල් 150 ක් දුන්න. යාළුවා රුපියල් 20 ක් ඉතුරු දෙන ගමන් මෙහෙම කිව්වා.


යාලුවා: අම්මා සත 25 ක් නම් නෑ. කමක් නෑ නේද ?

රෝගියා: හ්ම්....   අපි දන්නවා ඔයාලත් අර කොxxxතර  ලා වගේ ඉතුරු සල්ලි නොදී දවසකට ලොකු ගානක් ගහගන්නවා කියලා.

(ඒ ගැණු කෙනාට දුන්න 5% discount එකට වඩා අර සත 25 ඉතුරු නොදුන්නා එක තමයි දැනිලා තියෙන්නේ. ඇත්තටම ඒ වෙලාවේ ලාච්චුවේ සත 25 ක් තිබුනේ නෑ)



 

මට එපා... වෙලා.. තියෙන්නේ....

ටික දවසක් පෙනෙන්න හිටියේ නැති වුනාට ගොඩක් අය මම ගැන හොයල බලන්න පැල්පතට ආවා ගියා. හැමෝටම ස්තුතියි. ලිපියක් ලියන්න වෙලාවක් නොතිබුනත් පුළුවන් හැමවෙලාවෙම ඔයාල ගේ ලිපි කියවන්න අමතක කලේ නෑ.

ටික දවසකට කලින් මගේ පරිගණකයේ  mother board   එක නොඑනා ගමන් ගියා. ඉතින් මම කොහොමද බ්ලොග් ලියන්නේ. අලුතින් එකක් ගන්න සල්ලිත් නෑ. මගේ පරණ අයින් කරපු computer එකක් තිබුනා. දෙකේ කැලි එකතු කරලා යන්තම් අටවගත්තා කියමුකෝ.. මෙන්න hard ඩිස්ක් එකත් නොඑනා ගමන් ගියා. දැන් පරණ එකේ තිබුන 10GB එකෙන් තමයි වැඩ කරන්නේ.

Slow ...   Slow ...    Slow ...

හරිම Slow

මටනම් දැන් එපා වෙලා
ඒ වුනාට මේකනම් කැඩෙන්න එපා.
කඩුනොත්නම් මේ ලියන ටිකත් ලියන්න බැරිවෙයි.  අද හෙටම ඉක්මනටම ආයේ හමු වෙමු.