කටුව ගැලවීම.. Removing the needle

මුලින්ම කියන්න ඕනේ මේ කතාව කියන්නේ කාවවත් හෑල්ලු කරන්නවත් පුද්ගලයෙකුගේ දුර්වලතාවයක් වරදවා වටහාගන්න වත් නෙවෙයි. කතා රසය උදෙසා විතරක් මේ දේ ලියන්නේ. සමහරවිට මේ දේ හෙට ඔබට හෝ මට වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙහි කතා රසය විතරක් විදලා ඊට අදාළ කෙනා ගැන වරදවා නොහිතන මෙන් ඉල්ලා සිටිනවා.

මේ සිද්දිය වුනේ මේ මෑතකදී එක්තරා රෝහලක. මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් හිටියා රන්ජිත් කියලා කෙනෙක්. ඉතින් මේ රන්ජිත් ටිකට් කපලා ගෙදර යන දවසේ එයාව එක්ක යන්න ඇවිත් හිටියේ එයාගේ අම්මා. රන්ජිත්ලා ටිකක් ගම්බද ප්‍රදේශයක ජිවත් වුනේ. රංජිත්ගේ අම්මා ටිකක් විතර වයසක කෙනෙක්. ටිකට් කපලා රන්ජිත් ගෙදර ගියාට පස්සේ රන්ජිත්ව බලා ගන්න ඕන විදිය වාට්ටුවේ හටිය හෙදියක් රංජිත්ගේ අම්මට පැහැදිළ කරලා දුන්නා. මේ පැහැදලි කිරීම ඉවර වෙලා මේ හෙදිය රංජිත්ගේ අම්ම්මට මෙහෙම කිව්වා.
"අම්මා, රංජිත්ගේ අතේ කටුවක් තියනවා, යන්න කලින් මතක් කරලා එක ගලවාගෙන යන්න" කියලා
හොදයි නෝනා කියපු රංජිත්ගේ අම්මා තමන් ඇදගෙන හිටිය සාරි හැට්ටෙන් හැට්ට කටුවක් ගලවාගෙන රන්ජිත් ලගට යන්න සැරසෙන කොට තමයි හෙදියට තේරුනේ රංජිත්ගේ අම්මා ඒ කතාව තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදියට කියලා.

0 comments:

Post a Comment

පැල්පත ට අදහසක් දාලම යන්න