චූටි ගඩ්ඩා ගේ අභාවය......

අපේ ගෙදර ලස්සන පූසියක් ඉන්නවා. හුරතලේට කවුරුත් කිව්වේ "චුටි" කියලා. ගෙදර හැමෝගෙම හිත දිනාගන්න චුටිට වැඩි කලක් ගියේ නෑ. වැඩියෙන්ම නිදාගන්න කැමති මගේ bike එක උඩ. (ඒ දවස්වල බිකේ එක තියන්නේ සාලේ) TV එක උඩ නිදන්නත් කැමතියි.

මේ අතර චුටි pregnant වුනා. (ඔව් ඔව් එහෙම වෙලා තමයි) පුසියෙක්ගේ ගර්භනී කාලය ටිකක් සමීපව බලන්න මට මේ දවස් වල ඉඩ ලැබුනා. චුටි එන්න එන්නම දිනකට කෑම ගන්න අවස්ථා ගණන වැඩි වුනා. ඒ වගේම ගොඩක් පරිස්සම් වගේම වෙනදාටත් වඩා පිරිසිදුව ඉන්න පෙලබුනා. අන්තිම දවස් ලං වෙනකොට bike එක උඩ නිදාගන්න එක අත ඇරලා බිම නිදාගන්න පටන් ගත්තා.

දැන් බඩ ගොඩක් ලොකුයි. මේ අතරේ එක දවසක් උදේ නැගිටිනකොට චුටි පෙනෙන්න හිටියේ නෑ. සාමාන්‍යයෙන් උදේ අම්මා නැගිටිනකොට නැගිටලා එන්න චුටි පුරුදු වෙලා හිටියේ. නැගිටලා ඇවිත් අම්ම දෙන biscuit  එක කාලා අම්මා උයනකම් අම්මා ලගට වෙලා කුස්සියේ තියෙන පුටුවක නිදනවා. එත් එදා උදේ චුටි පෙනෙන්න හිටියේ නෑ.

චුටි...  චුටි.......

කොච්චර කතා කලත් චුටි නම් අවේ නෑ...

උදේ 7.30 ට විතර එක කාමරයක සද්දයක් ආවා. සද්දේ මොකක්ද කියලා බලනකොට "චුටි" පරණ වයර් තියන පෙට්ටියක පැටව් 3 ක් දාලා. තුන් දෙනාම චුටි වගේම හදයි. ඒ පාටමයි. චුටි මේ පැටව් තුන් දෙනාට ගොඩක් ආදරේ කළා. කන්න බොන්නවත් එලියට අවේ නෑ පලවෙනි දවසේ. දෙවෙනි දවසේ ඉදලා කන්න බොන්න ආවත් පැටව් තුන් දෙනාම හොදටම නිදා ගත්තට පස්සේ විනාඩි කිහිපයකට විතරයි.

තුන් වෙනි දවසේ උදේ එක පැටියෙක් මැරිලා හිටියා. අපිට වගේම චුටි ටත් දුකයි. පැටියව වළදාපු තැනට ගිහින් විනාඩි කිහිපයක් හිටපු චුටි ආයේ අනිත් පැටව් දෙන්නා ලගට ආවා. ඊලග දවසේ උදේ බලනකොට තවත් පටියෙන් මැරිලා. චුටිට වගේම අපිටත් හිතට ගොඩක් අමාරුයි.

එත් අනිත් පැටියා ටික දවසකින් ඇස ඇරියා. මේ ඉන්නේ එයා. නම "චුටි ගඩ්ඩා"

අම්මයි පැටියයි බොහොම නිරෝගිව වගේම පෘෂ්ටිමත්ව හිටියා. දෙන්නා ගෙදර යකා නටන්න ගත්තා. ගෙදර අයටත් විනෝදයක් වගේම සිනා සාගරයක් වෙන්න මේ දෙන්නට පුළුවන් වුනා. "චුටි ගඩ්ඩා" වැඩියෙන්ම සමීප වුනේ මට. මම කොහේ හිටියත් මගේ ඔඩොක්කුවට එන්න "චුටි ගඩ්ඩා" පුරුදු වුනා.

key board එකේ ඇවිදින්න, ඇදේ මුත්‍රා කරන්න එහෙමත් "චුටි ගඩ්ඩා" අමතක කලේ නෑ. මෙහෙම මාසයක විතර යනකොට "චුටි ගඩ්ඩා" අසනීප වුනා. අපි "චුටි ගඩ්ඩා" ව දොස්තර මහත්තයෙක් ලගට එක්ක ගියා. බෙහෙත් දුන්නත් "චුටි ගඩ්ඩා"ව දවසකට වඩා ජීවත් කරවන්න එයාටත් බැරිවුනා. ගෙදර හැමෝටම දුකයි. චුටි දවසක් විතර යනකම් කෑම කෙවෙත් නෑ. "චුටි ගඩ්ඩා" හොද තැනක ඉපදිලා දීර්ගායු ලැබෙන්න ලැබෙන්න කියලා හැමෝම හිතෙන හිතුවා.

කල් ගත වුනා. "චුටි ගඩ්ඩා" ව මතකයෙන් අයින් වීගෙන එන්න පටන් අරගෙන. එත් චුටි අයෙමත් pregnant . "චුටි ගඩ්ඩා" වගේ හුරතල් ලස්සන පැටව ටිකක් අයෙමත් ලැබෙන්නත් කලින් වගේ අකල් මරණ වලට ගොදුරු නොවෙන්නත් මම ප්‍රර්ථනා කරනවා....

3 comments:

  1. අනේ පව්...මමත් සත්තුන්ට ආදරෙයි.ඒ වුනාට ලෙඩ වෙලා මෑරෙද්දි ගොඩක් දුකයි.ආය සත්තු හදන්නෙ නෑ...ම කියල ඉන්නෙ.

    ReplyDelete
  2. මම ත් ඔයාගේ හුරතලාටත් හුරතාලගේ පෑටවුන්ටහ් නිරොගී සුව පාර්තනා කරනවා..

    ReplyDelete
  3. අපේ ගෙදරත් පුස් පැටියෙක් ඉන්නවා.අල්ලපු ගෙදරින් මෙහාට ශේප් කරලා එවපු එකෙක්.අපේ තාත්තට නම් බල්ලේ පූසො පේන්න බැ.නමුත් පස්සෙ පස්සෙ තාත්තටත් ඌ ගැන ආස හිතිලා මෙන්න ඌගේ ඔලුව අතගානවා...
    හැබැයි ලගදී ඌ අපේ ලිදට නැගලා කොහොමහරි ඇතුලට වැටිලා.වෙලාව හොදනිසා අල්ලපු ගෙදර ආච්ච්ට ඇහිලා ඇවිල්ල කෙක්ක දාලා ඌව බේරගත්තා.දැන් ඉතින් ඉහපකො ලිද .ඌ දුන්නොත් ඉතින් කරදරයක්ම තමයි.ඒත් ඉතින් ගහන්න දුකයි.පව් අප්පා..අහින්සක සත්තුනේ.

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න