පැල්පතට අලුතින් දෙයක් එක් කළා

ඔන්න පැල්පතට අලුතින් දෙයක් එක් කළා ඔය දකුණු පැත්තේ තියෙන්නේ. කොමෙන්ට් එකකුත් එක්කම කෙයක් හරි දාලම යන්න.

චූටි ගඩ්ඩා ගේ අභාවය......

අපේ ගෙදර ලස්සන පූසියක් ඉන්නවා. හුරතලේට කවුරුත් කිව්වේ "චුටි" කියලා. ගෙදර හැමෝගෙම හිත දිනාගන්න චුටිට වැඩි කලක් ගියේ නෑ. වැඩියෙන්ම නිදාගන්න කැමති මගේ bike එක උඩ. (ඒ දවස්වල බිකේ එක තියන්නේ සාලේ) TV එක උඩ නිදන්නත් කැමතියි.

මේ අතර චුටි pregnant වුනා. (ඔව් ඔව් එහෙම වෙලා තමයි) පුසියෙක්ගේ ගර්භනී කාලය ටිකක් සමීපව බලන්න මට මේ දවස් වල ඉඩ ලැබුනා. චුටි එන්න එන්නම දිනකට කෑම ගන්න අවස්ථා ගණන වැඩි වුනා. ඒ වගේම ගොඩක් පරිස්සම් වගේම වෙනදාටත් වඩා පිරිසිදුව ඉන්න පෙලබුනා. අන්තිම දවස් ලං වෙනකොට bike එක උඩ නිදාගන්න එක අත ඇරලා බිම නිදාගන්න පටන් ගත්තා.

දැන් බඩ ගොඩක් ලොකුයි. මේ අතරේ එක දවසක් උදේ නැගිටිනකොට චුටි පෙනෙන්න හිටියේ නෑ. සාමාන්‍යයෙන් උදේ අම්මා නැගිටිනකොට නැගිටලා එන්න චුටි පුරුදු වෙලා හිටියේ. නැගිටලා ඇවිත් අම්ම දෙන biscuit  එක කාලා අම්මා උයනකම් අම්මා ලගට වෙලා කුස්සියේ තියෙන පුටුවක නිදනවා. එත් එදා උදේ චුටි පෙනෙන්න හිටියේ නෑ.

චුටි...  චුටි.......

කොච්චර කතා කලත් චුටි නම් අවේ නෑ...

උදේ 7.30 ට විතර එක කාමරයක සද්දයක් ආවා. සද්දේ මොකක්ද කියලා බලනකොට "චුටි" පරණ වයර් තියන පෙට්ටියක පැටව් 3 ක් දාලා. තුන් දෙනාම චුටි වගේම හදයි. ඒ පාටමයි. චුටි මේ පැටව් තුන් දෙනාට ගොඩක් ආදරේ කළා. කන්න බොන්නවත් එලියට අවේ නෑ පලවෙනි දවසේ. දෙවෙනි දවසේ ඉදලා කන්න බොන්න ආවත් පැටව් තුන් දෙනාම හොදටම නිදා ගත්තට පස්සේ විනාඩි කිහිපයකට විතරයි.

තුන් වෙනි දවසේ උදේ එක පැටියෙක් මැරිලා හිටියා. අපිට වගේම චුටි ටත් දුකයි. පැටියව වළදාපු තැනට ගිහින් විනාඩි කිහිපයක් හිටපු චුටි ආයේ අනිත් පැටව් දෙන්නා ලගට ආවා. ඊලග දවසේ උදේ බලනකොට තවත් පටියෙන් මැරිලා. චුටිට වගේම අපිටත් හිතට ගොඩක් අමාරුයි.

එත් අනිත් පැටියා ටික දවසකින් ඇස ඇරියා. මේ ඉන්නේ එයා. නම "චුටි ගඩ්ඩා"

අම්මයි පැටියයි බොහොම නිරෝගිව වගේම පෘෂ්ටිමත්ව හිටියා. දෙන්නා ගෙදර යකා නටන්න ගත්තා. ගෙදර අයටත් විනෝදයක් වගේම සිනා සාගරයක් වෙන්න මේ දෙන්නට පුළුවන් වුනා. "චුටි ගඩ්ඩා" වැඩියෙන්ම සමීප වුනේ මට. මම කොහේ හිටියත් මගේ ඔඩොක්කුවට එන්න "චුටි ගඩ්ඩා" පුරුදු වුනා.

key board එකේ ඇවිදින්න, ඇදේ මුත්‍රා කරන්න එහෙමත් "චුටි ගඩ්ඩා" අමතක කලේ නෑ. මෙහෙම මාසයක විතර යනකොට "චුටි ගඩ්ඩා" අසනීප වුනා. අපි "චුටි ගඩ්ඩා" ව දොස්තර මහත්තයෙක් ලගට එක්ක ගියා. බෙහෙත් දුන්නත් "චුටි ගඩ්ඩා"ව දවසකට වඩා ජීවත් කරවන්න එයාටත් බැරිවුනා. ගෙදර හැමෝටම දුකයි. චුටි දවසක් විතර යනකම් කෑම කෙවෙත් නෑ. "චුටි ගඩ්ඩා" හොද තැනක ඉපදිලා දීර්ගායු ලැබෙන්න ලැබෙන්න කියලා හැමෝම හිතෙන හිතුවා.

කල් ගත වුනා. "චුටි ගඩ්ඩා" ව මතකයෙන් අයින් වීගෙන එන්න පටන් අරගෙන. එත් චුටි අයෙමත් pregnant . "චුටි ගඩ්ඩා" වගේ හුරතල් ලස්සන පැටව ටිකක් අයෙමත් ලැබෙන්නත් කලින් වගේ අකල් මරණ වලට ගොදුරු නොවෙන්නත් මම ප්‍රර්ථනා කරනවා....

phone එක හෙල්මට් එක අස්සේ තියාගෙන යාම

bike පදින ගොඩක් අය phone එක හෙල්මට් එක අස්සෙනේ දාගෙන යන්නේ. එහෙම යන මගේ යාලුවෙකුට වුන වැඩක් තමයි මේ.

මගේ යාලුවා ටිකක් ජනාකීර්ණ නැති ප්‍රදේශයක පාරක් දිගේ ඉස්සරහට යනවා. යාළුවා ජනක. law student කෙනෙක්.  මිනිහා
මලක් කඩ කඩ ඉස්සරහට යනවා. ඔහොම යනකොට ජනකට හතරමන් හන්දියකට ඇවිත්. ජනකට තියෙන්නේ හරස් පාර cross කරලා කෙලින්ම යන්න. පාර cross කරපු ගමනම එහාපැත්තෙ හිටපු යාලුවෙක් පාරට අත දැම්මා.  ජනක bike එක පාර අයිනේ නවත්තලා call  එක cut කරලා  license , insurance එහෙම අරගෙන කලින් කිව්ව නිලධාරියා ලගය ගියා. දැන් අර නිලධාරියා දඩ කොලයක් ලියන්න සැරසෙනවලු.

ජනක : ඇයි මහත්තයා මොකක්ද වැරැද්ද?

පො : දන්නෙම නෑ. දැන් මෙච්චර වෙලා phone call එකක නේද ආවේ?
ජනක: නෑ   ඕනෙනම් phone එක check කරලා බලන්න.
පො: එහෙනම් හෙල්මට් එක අස්සේ තිබුනේ මොකක්ද?
  හොද වෙලාවට පොලිස් නිලධාරියා phone එක check කරලා බලලා නෑ. එත් දඩය ලියන්නමලු හදන්නේ.

පො: ඔය ළමයා මොනවද කරන්නේ?

ජනක: මම campus එකේ?
පො: රටට ආදර්ශයක් වෙන්න ඕන ළමයි මෙහෙම වැරදි වැඩ කරනවට පාඩමක් උගන්නන්නම ඕන. අනික call එකක් ගත්තා හෝ නොගත්තා හෙල්මට් එක අස්සේ phone එක තිබුනොත් කොයි වෙලේ හරි call එකක් අවොත්  drive කරන අවධානය බිදෙනවා.(දඩය ලිවීමට පොත දිග අරී )

ජනක : මේ මහත්තයා මම final year law student කෙනෙක්. මම ඉගෙන ගෙන තියෙන හැටියටනම් වාහනයක්
ධාවනය කරනගමන් ජංගම දුරකථනය භාවිතා කිරීම වැරදියි. හැබැයි ඒ දුරකථනය අතින් අරගෙන එක අතක් සුක්කානමෙන් අයින් කරගෙන පාවිච්චි කරනවානම්. මම එහෙම කලේ නෑ. අනික මම phone එකට auto answer දාල  තියෙන්නේ. ඒ නිසා call එකක් ආවත් මට අත අයින් කරන්න වෙන්නේ නෑ. අනික අවධානය වෙනස් වෙනවනම් මෙතනින් කී දෙනෙක් රෝද 4 රේ වාහන ගෙනියනවද hands free එක ගහල phone එක use කරන. ඇයි එයාලව අල්ලන්නේ නැත්තේ? අනික දැන් build in phone තියන වාහන පාරේ කොච්චර තියනවද. අනික ලග තියාගෙන ඉන්නවා කියන්නේ පාවිච්චි කිරීමම නෙවෙයිනේ. උදාහරණයක් විදියට ඔබතුමා ලග තියනවා රිවෝල්වරයක්. ලග තියාගන හිටියට පාවිච්චි කළා කියල කිව්වොත් එක කොච්චර අසාදාරණද?

පො: හා... යනවා යනවා.... ආයේ bike පදිනගමන් call අරගෙන අහු වෙන්නේ නෑ.


(මේක ජනකය අපිට කියපු කතාවක්, ඇත්තද බොරුද නම් දන්නේ නෑ.)

Blog Star....

පුංචි වුනත් පැල්පතේ වැඩ රාජකාරි බොහොමයි. ඉතින් පහුගිය ටිකේ මොනවත් කුරුටු ගාන්න වෙලාවක් තිබුනේ නෑ. එත් පුළුවන් හැම වෙලාවේම බ්ලොග් කියවන්න නම් අමතක කලේ නෑ. ඒ අතරින් සිත් ගත්ත දෙයක් තමයි  සින්ඩි ලංකා එක කරන "බ්ලොග් ස්ටාර්" තොරණ තරගය. මේක බ්ලොග් ලියන අපි වගේ අයට අත දීමක් විදියටයි මම දකින්නේ. මගේ අඩවියත් හොදයි කියලා හිතෙනවනම් මෙතනට ගිහින් "my cottage "   එකට මනාපයක් දන්නා අමතක කරන්න එපා.

කළුවරට බයවූ තෝමස් අල්වා එඩිසන් Thomas Edison

විදුලි බල්බය නිපදවූ එඩිසන්ගේ 164 වෙනි ජන්ම දිනය ඊයෙට් දී තිබුණු අතර, ලෝකයට නව නිර්මාණ විසාල ගණනක් ලබාදුන් පුද්ගලයෙකි. ප්‍රයෝගික විදුලි බල්බය ක් පළමුවෙන්ම නිපදවූ පුදගලයා ලෙස එඩිසන් වාර්තා වන අතර ඔහු කළුවරට ඉතා බිය පුද්ගලයකු ලෙස වාර්තා වේ. එසේම ජනප්‍රවාදයට අනුව ඔහු බල්බ 999 නිපදවා වැරදුනු අතර ඔහුගේ 1000 වෙනි බල්බය සාර්ථක වුනු බව පැවසේ. 1000 ක් කෙසේ වෙතත් ඔහුට ඒ හා සමාන අවස්ථා ගණනක් වරදින්නට ඇති. එහෙත් ඉන් පසුබට නොවී ඔහුගේ ඉලක්කයට ඔහු නොගියානම් සමහරවිට අද මෙවන් දේ ලොව බිහි නොවන්නටත් ඉඩ තිබිණි.

ඉලන්දාරියා වෙනුවෙන් ඔබත් විහාර මහාදේවී උද්‍යානයට එන්න.

මේ ලිපිය මගේ එකක් නෙවේ. උපුටා ගැනීම මෙතනින්.

අපි කතා කරමු... මේ සුවිසල් අභියෝගය ජය ගමු.... එකාවන්ව පෙල ගැසෙමු.... දිලුම්ගේ සවන් හොරාගෙන යන්න ඉඩ නොතබමු...  

දිනය : 2011 පෙබරවාරි මාසයේ 12 වන දින

වෙලාව : පස්වරු 02.00

කොළඹ විහාර මහා දෙවී උද්‍යානයට.. වෙලාව පස්වරු දෙකට. 

හැමෝම එන්න

ගැහැණු ළමයි සහ උපත් පාලන පෙති.. 2 Girls & Birth control pills - 2

මගේ පහුගිය ලිපිය සම්පූර්ණයෙන්ම පලකරන්න බැරි වුනාට සමා වෙන්න. හදිසි වැඩකට එලියට යන්න වුනා. ඒ වගේම නිවී සැනසිල්ලේ පොස්ට් එක ලියන්න වෙලාවක් අවෙත් නෑ. සමහර ය මට බැනලත් තිබුනා. iplus  නමින් comment කල සහෝදරයාට ස්තුතියි. දැන් මම අයෙත් කතාවට එන්නම්. පහුගිය ලිපිය බලන්න බැරිවුන ය මෙතනට එන්න.

මම කිව්වනේ 8 පහු වුනාට
පස්සේ pharmacy එකට ගොඩක්ම එන්නේ වැඩට ගිහින් ගෙදර යන ගමන් එන අය කියලා. ඉතින් මේ අය ගොඩක්ම ගන්නේ එක්තරා ආකාරයක උපත් පාලන පෙති වර්ගයක්. ඇත්තෙන්ම මේ පෙති භාවිතා කරන්නේ හදිසි ගැබ් ගැනීමක් වලක්වන්න මිසක් ස්ථිර උපත් පාලන ක්‍රමයක් විදියට නෙවෙයි.( හදිසි ගැබ් ගැනීමක් කියල කිව්වේ සංසර්ගයේ යෙදෙනකොට කොන්ඩමය ඉරීයෑම වගේ අවස්ථාවන්.) මේ උපත් පාලන පෙති නිතර භාවිතා කරන්න සුදුසු නෑ. හේතුව මේ පෙතිවල  එක්තරා හෝමෝන වර්ගයක් අධික සාන්ද්‍රනයෙන් තිබීම සහ දිගු කලක් ගැනීමෙන් මින් ඇතිවන අතුරු අභාද වැඩි වීමයි.

දවස් 2-3 ක් මේක බලන් හිටපු මම මගේ යාලුවගෙන් ඇහුවා මේ මිනිස්සු මේ tablet  family planing system එකක් විදියට භාවිතා කරනවා වගේ නේද පෙනේනේ කියලා. හිස සලා මගේ කතාව අනුමත කල මගේ යාලුවා මගෙන් ඇහුව "මචන් උබ දන්නවද දවසකට මම මේ බෙහෙත් card කීයක් විකුණනවද කියලා?"
හිස දෙපසට සලා "නෑ" ලෙස පිළිතුරු දුන් මට මගේ යාළුවා දුන් පිළිතුර වන්නේ "card  60 කට වැඩි බවය.

"උබ දන්නවද මේවා වැඩියෙන්ම ගන්නේ uniform එකෙන් එන එස්කොලේ ළමයි, ගැහැණු ළමයිනුත් එක්කෙනෙක් දෙන්නෙක් එනවා දවසකට."

පසු වදන : ඇත්තෙන්ම මේ පෙති නිතර භාවිතා කරන්න හොද නෑ. අනිත් කාරණේ කවුරු මිලදී ගත්තත් මේවා බොන්න වෙන්නේ කාන්තාවකට. වඩාත්ම බරපතලම කාරණේ මේවා මිලදී ගන්නේ පාසල් ළමුන් වීමයි. මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව සමාජය නොදුටු හෝ දැක දැක ඒ පිලිබදව කතා නොකරන මාතෘකාවක් ගැන ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරි ලිපියකින් උපත් පාලන ක්‍රම නිවැරදිව භාවිතා කරන අයුරුත්  ලිවීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

ගැහැණු ළමයි සහ උපත් පාලන පෙති.. Girls & Birth control pills

බ්ලොගයට ආවේ ටික දවසකින්. පැල්පතේ ඉන්න උදවිය ජීවත් කරවන්නත් ඕනෙනේ. ඒ නිසා මේ දවස් වල ටිකක් වැඩ. අපු ගමන්ම සතුට දනවන ආරංචියක් මටනම් ලැබුනේ. ඒ පැල්පත ඉදිකරලා මාසයක් යන්නත් කලින් මගේ පැල්පතට 1000 කට වඩා පිරිසක් ගොඩ වැදිලා. හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මගේ පැල්පත follow කරන 13 දෙනෙකුත් ඉන්නවා. ඒ අයටත් ස්තුතියි. comment  ටිකක් වැඩිපුර ලැබෙනවානම් තවත් ලියන්න උනන්දු වෙන්න හිතෙනවා.

දැන් මාතෘකාවට එන්නම්. මගේ යාලුවෙක් මේ ලගදී දිවයිනේ ප්‍රධාන නගරයක පොඩි
pharmacy එකක් දැම්මා. ඉතින් මමත් හවසට මේ pharmacy  එකට ගොඩවැදිලා පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා. දාපු අලුත නිසා business හොදටම නෑ.  මම මේ pharmacy  එකේ  හවස 7 විතර ඉදලා 8.30 විතර වෙනකම් ඉන්නවා. 8 පහු වුනාට පස්සේ ගොඩක්ම එන්නේ වැඩට ගිහින් ගෙදර යන ගමන් එන අය.

හදිසි වැඩකට මට එලියට යන්න වුනා. ඉතිරි ටික පැය 24 ක් ඇතුලත 
දාන්නම් . රැදිලා ඉන්න. මේක හැමෝටම වැදගත් වේවි.

පළමු වතාවට යට ඇදුමක් තේරීම Selecting an underwear for 1st time

ජීවිතේට යහළුවෙක් තොර ගන්න එක
හරියට සුපිරි වෙළද සලකින් ඇදුමක් තෝරනවා වගේ
හරි නැත්නම් මාරු කරන්න පුළුවන්
ඒත්  පළමු වතාවට සුපිරි වෙළද සලකින් යට ඇදුමක් තොරන්න්න ගියාම
හිතට ප්‍රශ්න වැලයි
එච්චර හිතල ගත්ත යට
ඇදුම හිතට අල්ලන්නේ නැත්නම්..
..............?
විවාහයත් ඒ වගේ ...

කටුව ගැලවීම.. Removing the needle

මුලින්ම කියන්න ඕනේ මේ කතාව කියන්නේ කාවවත් හෑල්ලු කරන්නවත් පුද්ගලයෙකුගේ දුර්වලතාවයක් වරදවා වටහාගන්න වත් නෙවෙයි. කතා රසය උදෙසා විතරක් මේ දේ ලියන්නේ. සමහරවිට මේ දේ හෙට ඔබට හෝ මට වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙහි කතා රසය විතරක් විදලා ඊට අදාළ කෙනා ගැන වරදවා නොහිතන මෙන් ඉල්ලා සිටිනවා.

මේ සිද්දිය වුනේ මේ මෑතකදී එක්තරා රෝහලක. මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් හිටියා රන්ජිත් කියලා කෙනෙක්. ඉතින් මේ රන්ජිත් ටිකට් කපලා ගෙදර යන දවසේ එයාව එක්ක යන්න ඇවිත් හිටියේ එයාගේ අම්මා. රන්ජිත්ලා ටිකක් ගම්බද ප්‍රදේශයක ජිවත් වුනේ. රංජිත්ගේ අම්මා ටිකක් විතර වයසක කෙනෙක්. ටිකට් කපලා රන්ජිත් ගෙදර ගියාට පස්සේ රන්ජිත්ව බලා ගන්න ඕන විදිය වාට්ටුවේ හටිය හෙදියක් රංජිත්ගේ අම්මට පැහැදිළ කරලා දුන්නා. මේ පැහැදලි කිරීම ඉවර වෙලා මේ හෙදිය රංජිත්ගේ අම්ම්මට මෙහෙම කිව්වා.
"අම්මා, රංජිත්ගේ අතේ කටුවක් තියනවා, යන්න කලින් මතක් කරලා එක ගලවාගෙන යන්න" කියලා
හොදයි නෝනා කියපු රංජිත්ගේ අම්මා තමන් ඇදගෙන හිටිය සාරි හැට්ටෙන් හැට්ට කටුවක් ගලවාගෙන රන්ජිත් ලගට යන්න සැරසෙන කොට තමයි හෙදියට තේරුනේ රංජිත්ගේ අම්මා ඒ කතාව තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදියට කියලා.

කාන්තාව හදුනාගන්න... Understand the women

මේ මට ලැබුණු e -mail එකකින් උපුටා ගත්ත දෙයක්.