සුදු ඉර කැපීම Part 3

කලින් ලිපිය  බලපු නැති අය මෙතන click කරන්න. සන්තෝසයි මට තව followers ල 2 ක් එකතුවෙලා. comment එකකුත් තියනවා.මෙහෙම වෙනකොට ලියන්න අස හිතෙනවා.ඔන්න කතාව. මම අයින් කරලා වාහනේ නැවැත්තුව.අර car එකට පොලිසියෙන් අත දැම්මේ නම් නෑ. මට දැන් වාහනෙන් බහින්නත් මොකක්ද වගේ. අයි දෙයියනේ  අත් දිග shirt එකක් ඇදලසරමකුත් ඇදල company ID එකත් දාගෙනනේ. මම වීදුරුව පහත් කරන කොටම පොලිස් නිලධාරියෙක් අව.

පො : good evening ,  මහත්තයා දන්නවද කරපු වැරැද්ද?
මම : නෑ මොකක්ද?
පො: සුදු ඉර කපන එක?
මම: sorry මම ........ මෙහෙ කෙනෙක් මට තව 200 km විතර යන්න තියනවා. රෑවුන නිසා අලි එයි කියල බයට ඉක්මනට යන්න හැදුවේ.අනික මට කලින් ගිය car එකත් ඒ වරද්දම කරානේ? ඇයි එයාව නැවැත්තුවේ නැත්තේ?
පො: එක එක දේවල් කියයි
මම: හරි දැන් මගේ ඇති වැරද්දක් වුනා. මට ආයේ මෙහෙ එන්න විදියක් නෑ දඩ කොළ ගෙවන්න. ඒ නිසා මට කොලබ කිට්ටුව පොලිසියකට දඩය ගෙවන්න arrange කරලා දෙන්න.
පො:එහෙම කරන්න බෑ.
මම දෙතුන් වතාවක් පින්සෙන්ඩු වුනා.
පො: එහෙනම් මම මහත්තයට මෙහෙම උදව්වක් කරන්නම්. මහත්තයාගේ දඩය 500 යි. තැපැල් කන්තෝරුවේ ගානත් එක්ක 550 යි. මහත්තයා මට 550 ක් දෙන්න මහත්තයා ට කරන උදව්වක් විදියට මම දදේ ගෙවන්නම්.
ඒ කරුණාවන්ත පොලිස් නිලදාරියට පින් දිදී මමත් පුළුවන් තරම් ඉක්මනට 550 ක් දීල මාරු වුනා. එදා ගෙදර එනකොට 10.30 ත් පහුවෙලා.

මේ මගේ පලවෙනි කතාව. තවම මට කතා ලියන්න හොදටම බෑ. ඔයාලගේ අදහස් දෙන්න.

2 comments:

  1. කතා ලියන්න හොදටම බෑ තමයි
    කතා ලියන්න ඉතාම හොදටනෙ පුළුවන්!
    බොක්කෙන්ම කියන්නෙ කථාව සිරා.
    දිගටම ලියන්න.
    සින්ඩි ලංකා බොහොම ස්තූතියි.
    මේ බ්ලොග් එක සින්ඩි කරනවට.
    නැත්නම් මමත් මෙක ගැන කවදාවත් දැන නොගන්න තිබුණ...

    ReplyDelete
  2. චෙරබ් වීරතුංග සහෝදරය, ඔබේ අදහස ඉතා අගේ කොට සලකමි. ස්තුතියි.

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න