internet දැමීම

මේකනම් මටවත් ,මගේ කාටවත් සිදුවුණා දෙයක් නෙවේ. face book එකේදී මම අහපු කතාවක්
මේක වෙලා තියෙන්නේ හද්දා පිටිසර ගමක.මේ ගමේ විදුලිය. දුරකථන පහසුකම් එහෙම නෑ. මේ ගමේ හිටියලු කොලබ වැඩ කරන පුද්ගලයෙක්. එක සිකුරාදාවක මේ පුද්ගලයා රාත්‍රියේ ගෙදර එනවා. ගමේ ගුරු පාර දිගේ කළුවරේ ගෙදර බලා පයින් යන මේ පුද්ගලයාට එක ගෙයක් ලගින් යනකොට මෙහෙම කතාවක් ඇහෙනවා...( වෙලාව රාත්‍රී 10.15 ට විතර)

"මේ ඇහුනද? ඉන්ටනෙට් එක දාන්න"


දැන් මේ පුද්ගලයට හරිම පුදුමයි.current   telephone නැති ගමට ඉන්ටෙර්නෙට් ලැබුනේ කොහොමද කියලා. මේ ගෙදර ඉදල තියෙන්නේ ලගදි විවාහ වුනු ජෝඩුවක්. මේ දෙන්න ඉන්ටෙර්නෙට් දාගෙන මේ මහා රෑ බලන්න යන්නේ මොනවද කියලත් මේ පුද්ගලයට ගැටළුවක්. මේ පුදගලයා කලේ ගෙයි වරිච්චි බිත්තියේ සිදුරකින් ගේ ඇතුලේ වෙන්නේ මොනවද කියල බලන්න තීරණය කළා.


ක්ෂණිකව ක්‍රියාත්මක වුනු මේ පුද්ගලයා දැන් සිරුරෙන් බලනවා ගේ ඇතුලේ වෙන දේ. අනේ වෙන්නේ මොකක්ද?

ගැමි යුවතිය නිදාගන්න මදුරු දැල දාන්න සැරසෙනවා.

2 comments:

  1. he he.......... මං හිතන්නෙ ගැමි යුවතිය කියල තියෙන්නෙ, "ඉන්ට, නෙට් එක දාන්න" කියලද කොහෙද". ගමේ භාෂාවනේ.
    :D

    ReplyDelete
  2. ඉන්ටසිටි බස් එක යන්ට ගියා වගේ කතාවක්....

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න