ලා... උනට, උන කටුව කැඩීම Braking the Medical thermometer

මේ ලිපිය ලියන්න කලින් කියන්න තියනවා දෙයක්. ඒ තමයි මගේ කලින් ලිපියෙන් "අපේ ඉලන්දාරියා" ට අපහසුවක් වුනානම් සමා වෙන්න. ගොඩක් සහූදරයින් ඉලන්දාරියා වෙනුවෙන් අත්වැල් බැදගෙන.
 

දැන් මම මගේ මේ ලිපිය පටන් ගන්නම්. මේ සිද්දිය වුනේ මගේ යාලුවෙකුට. එයා පාමසියක වැඩ කරන්නේ. මේ පාමසියට එක්තරා ස්ත්‍රියක් එනවලු ළමා පැනඩෝල් ගන්න. සතියකට දවසක් ඇවිත් සතියකට හරියන්න මේ කෙනා ළමා පැනඩෝල් ගන්නවලු. මෙහෙම සති 2 ක් විතර බෙහෙත් ගන්නකම් ඉදල මගේ යාලුවා මේ කෙනාගෙන් ඇහුවලු "අයි මිස් මොකද බබාට?" කියලා.
"බබාට ලාවට උන තියනවා. ඒකයි මේ" කියාලා එයා කිව්වලු
"මිස් දිගටම පවතින ලා උන එච්චර හොද රෝග ලක්ෂණයක් නෙවේ. එක දරුණු රෝගයක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා බබාට ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවොත් තමයි හොද" යාළුවා කිව්වා.
මේ කතාව අහගෙන හිටපු මේ ස්ත්‍රිය එදා ගියාට පස්සේ අයේ පාමසියට ආවේ නැතිලු.
මෙහෙම මාසයක් විතර ගියාට පස්සේ දවසක් මේ ස්ත්‍රියයි එයාගේ සැමියයි දවසක් අයේ මේ පාමසියට ආවලු.
ඒ වෙලාවේ මගේ යාලුවා මේ ස්ත්රියගෙන් ඇහුවලු
"දැන් බබාට කොහොමද මිස් ?" කයලා
"දැන් අවුලක් නෑ" කියලා එයාගේ සැමියා කිව්වලු
"අවුලක් නෑ කිව්වේ?" මගේ යාළුවා ඇහුවා
"මම උන කටුව කඩලා දැම්මා.." 
සැමියා කිව්වලු

පසු සටහන : වෙලා තියෙන්නේ මේ දෙන්නට එයාලගේ යාලුවෙක් digital උන කටුවක් දීලා. ඉතින් මේ ස්ත්‍රිය හැමදාම බබාගේ උන බලනවලු. හැමදාම අගය 99.8 , 98.7 වගේ අගයන්ලු තියෙන්නේ. මගේ යාළුවා කිව්වට පස්සේ එයාල ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න ගහින්. බලනකොට උන කටුවේ දෝෂයක් තිබිලා. ඒ වගේම අන්සකයක් දෙකක් එහාට මෙහාට වුනාට කලබල වෙන්න ඕනේ නෑ කියලා දොස්තර මහත්තය කියලා. (මේ කතාවේ ඉස්සරහට දෙමවුපියෝ වෙන්න ඉන්න ඔයාලටත් ගන්න ලොකු දෙයක් තියනවා)

එක්වෙමු අපේම සහෝදරයෙක් වෙනුවෙන් ... Plz join hands


අන්තර්ජාලයේ බ්ලොග් පිරික්සන විට අහම්බෙන් මට කියවන්නට ලැබුණු අවස්තාවක් මේ. මේ සහෝදරයා වෙනුවෙන් ඔබට කල හැකි දෙයක් යමක් කරන්න. වැඩි විස්තර සදාහා ඔහු පළකර ඇති මේ ලිපිය කියවන්න.

$114,464 කට බයිසිකලයක් ගමුද? A bicycle for $ 114464

ස්කෑන්ඩේවියානු සමාගමක් වන "Aurumania " විසින් නිපදවා  ඇති මෙම බයිසිකලය $114,464 වන අතර කැරට් 24 රත්රන් ආලේපිත බව පවසයි. මින් සයිකල 10 ක් පමණක් නිපදවා ඇති අතර දැනටමත්  5 ක් විකිණී අවසන්ලු.

internet දැමීම

මේකනම් මටවත් ,මගේ කාටවත් සිදුවුණා දෙයක් නෙවේ. face book එකේදී මම අහපු කතාවක්
මේක වෙලා තියෙන්නේ හද්දා පිටිසර ගමක.මේ ගමේ විදුලිය. දුරකථන පහසුකම් එහෙම නෑ. මේ ගමේ හිටියලු කොලබ වැඩ කරන පුද්ගලයෙක්. එක සිකුරාදාවක මේ පුද්ගලයා රාත්‍රියේ ගෙදර එනවා. ගමේ ගුරු පාර දිගේ කළුවරේ ගෙදර බලා පයින් යන මේ පුද්ගලයාට එක ගෙයක් ලගින් යනකොට මෙහෙම කතාවක් ඇහෙනවා...( වෙලාව රාත්‍රී 10.15 ට විතර)

"මේ ඇහුනද? ඉන්ටනෙට් එක දාන්න"


දැන් මේ පුද්ගලයට හරිම පුදුමයි.current   telephone නැති ගමට ඉන්ටෙර්නෙට් ලැබුනේ කොහොමද කියලා. මේ ගෙදර ඉදල තියෙන්නේ ලගදි විවාහ වුනු ජෝඩුවක්. මේ දෙන්න ඉන්ටෙර්නෙට් දාගෙන මේ මහා රෑ බලන්න යන්නේ මොනවද කියලත් මේ පුද්ගලයට ගැටළුවක්. මේ පුදගලයා කලේ ගෙයි වරිච්චි බිත්තියේ සිදුරකින් ගේ ඇතුලේ වෙන්නේ මොනවද කියල බලන්න තීරණය කළා.


ක්ෂණිකව ක්‍රියාත්මක වුනු මේ පුද්ගලයා දැන් සිරුරෙන් බලනවා ගේ ඇතුලේ වෙන දේ. අනේ වෙන්නේ මොකක්ද?

ගැමි යුවතිය නිදාගන්න මදුරු දැල දාන්න සැරසෙනවා.

රේල් පිලි වලට ගිය කල what earthquake can do to a railway

  


මට මේ පින්තුර ලැබුනේ අහම්බෙන්. පහුගිය සැප්තැම්බර් වල නවසීලන්තයේ සිදුවුණා බුමිකම්පාවකින් පස්සේ මේ රේල් පිලි වලට වෙලා තිබිල තියන දේ බලන්න.

පඩුරු දැමීම

මේ සිද්දිය වුනෙත් නාලකටම තමයි. අපි යාළුවො කට්ටියට ගියා ට්‍රිප් එකක් කතරගම. ගිහින් එනකොට රෑ වුනා. වෙලාව 7 ට විතර ඇති. අපි හිටියේ රත්නපුරයයි ඇබිලිපිටියයි අතර රත්නපුරයට කිට්ටු කරලා. මට ස්තානය හරියටම මතක නැ. නාලක මේ වෙලාවේ කට කපලා නිදි.(ඉස්සරහ driver ලග sheet එකේ) drive කරපු අයිය පුංචි කඩපලක් ලග නැවැත්තුවා බුලත් විටක් ගන්න. මේ කඩපිල ලග තිබුනා පුංචි පිළිමයක්. ආදී දෙක හමාරක් විතර උස ඇති. පෙනුමෙන් සොල්දාදුවෙකුගේ රූපයට සමානයි. පිළිමය ඉස්සරහ පොඩි මේසයක් වගේ දෙයකුත් තිබුනා.ඊට  අමතරව spot light 2 න්එලිය විහිදුවලත් තිබුනා.driver අයිය එනකම් අපි මේ සොල්දාදු පිළිමය  ගැන කතා කරකර හිටියේ.
විනාඩි කීපයකින් driver   අයිය බුලත් විටක් අරගෙන ආවා. ඩොක්.....  අයියා දොර ඇරලා වැහුවා. ටිකක් හයියෙන් වහපු නිසා නිදාගෙන හිටපු නාලකත් ඇහැරුනා.

ඇයි ඇයි මොකද නැවැත්තුවේ. නාලක ඇහුව.

මචන් පාරු සල්ලි තියනවනම් අර දේවාලට පැදුරක් දාලා වලා වරෙන් නාලක, කියලා පිටිපස්සේ හිටපු රන්දික කිව්වා.

නාලක නිදි  මරගාතේම ගිහින් අර සොල්දාදුවගේ පිළිමේ ඉස්සරහ මෙසේ උඩින් කාසි කීපයක් තියල වැඩලා ඇවිත් වන එකට නැග්ග.


මචන් එතන දේවාලයක් වුනාට පන් පෙට්ටියක් වත් නෑ බන්. මම මෙසේ උඩින් පඩුර තියල ආවා කියල නාලක කිව්වා.


(එතන ඉදල නාලකට වුන දේ හිතා ගන්න පුළුවන්නේ. අදහසක් දාලම යන්න.)

පුස්සේ eleven

මේ ස්ද්දිය වුනේ මගේ යාලුවෙකුට. මිනිහ වාහනයකට නැග්ගොත් නිදනවා. යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියල එයාට මීටර් නෑ. නාලක කියන nick name එකෙන් මම කතාව ගෙනියන්නම්.
දවසක් මම නාලකයි තව දෙතුන් දෙනෙකුයි එක්ක පොඩි ගමනක් යනවා. ගියේ වන එකක. ගිහින් එනකොට රෑ වුණා. නාලක ලග හිටියේ ජගත්. දෙන්නම හොදටම නිදි. ටිකකින් ජගත් ඇහැරුනා. ජගත් වටපිට බැලුව මේ කොහෙද කියල. කළුවර නිසා හොයන්න බෑ. ජගා ටිකිරි මොලේ පාවිච්චි කරලා  නාක්ලකත ඇහැරවලා phone එකෙන් බලන්න කිව්වා ඉන්නේ කොහෙද කියල. (නාලක ලග තිබුනේ nokia phone එකක්. එකේ dispay එකේ tower එක වැටෙනවනේ ) නාලකත් නින්දෙන් ඇහැරලා හොඳේ එක බලල කිව්වා " පුස්සේ  eleven " කියල. ජගා යේ ඇහුව කොහෙද කියල. "පුස්සේ  එලෙවෙන්" බන් "පුස්සේ  eleven " වැඩ නොදී නිදාගනිනිකෝ  තව දුරයි. ජගා පැනපු ගමන් නාලකගේ phone අක උදුරලා අරගෙන බැලුවා. display එකේ තිබිල තියෙන්නේ "pussall ... "  කියල. phone එකේ dispay එකේ සම්පූර්ණ වචනෙම display වෙන්න ඉඩ නැති නිසා කොටසනේ වැටෙන්නේ. හරි නම පුස්සැල්ලාව. නමුත් නාලකය නිදිමරගාතේ දැකල තියෙන්නේ "පුස්සේ  eleven " කියල.
පැල්පතට අදහසක් එල්ලලම යන්න.

හොද ගැහැනියක්, බිරිදක්, යුවතියක් මවක් වෙන්න... (Be a good woman , wife , girl ...)

මට ලැබුන e -mail එකකින් තමයි මේක මම උපුටා ගත්තේ. නිර්මාණය කාගේද කියල නම් ඒතිබුනේ නෑ. නමුත් මේකේ තියන අන්තර්ගතය ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියල හිතුන නිසා මම මේක "පැල්පතේ" එල්ලන්න හිතුව.  මෙතන කාරනා 100 ක් තියනවා.

සුදු ඉර කැපීම Part 3

කලින් ලිපිය  බලපු නැති අය මෙතන click කරන්න. සන්තෝසයි මට තව followers ල 2 ක් එකතුවෙලා. comment එකකුත් තියනවා.මෙහෙම වෙනකොට ලියන්න අස හිතෙනවා.ඔන්න කතාව. මම අයින් කරලා වාහනේ නැවැත්තුව.අර car එකට පොලිසියෙන් අත දැම්මේ නම් නෑ. මට දැන් වාහනෙන් බහින්නත් මොකක්ද වගේ. අයි දෙයියනේ  අත් දිග shirt එකක් ඇදලසරමකුත් ඇදල company ID එකත් දාගෙනනේ. මම වීදුරුව පහත් කරන කොටම පොලිස් නිලධාරියෙක් අව.

පො : good evening ,  මහත්තයා දන්නවද කරපු වැරැද්ද?
මම : නෑ මොකක්ද?
පො: සුදු ඉර කපන එක?
මම: sorry මම ........ මෙහෙ කෙනෙක් මට තව 200 km විතර යන්න තියනවා. රෑවුන නිසා අලි එයි කියල බයට ඉක්මනට යන්න හැදුවේ.අනික මට කලින් ගිය car එකත් ඒ වරද්දම කරානේ? ඇයි එයාව නැවැත්තුවේ නැත්තේ?
පො: එක එක දේවල් කියයි
මම: හරි දැන් මගේ ඇති වැරද්දක් වුනා. මට ආයේ මෙහෙ එන්න විදියක් නෑ දඩ කොළ ගෙවන්න. ඒ නිසා මට කොලබ කිට්ටුව පොලිසියකට දඩය ගෙවන්න arrange කරලා දෙන්න.
පො:එහෙම කරන්න බෑ.
මම දෙතුන් වතාවක් පින්සෙන්ඩු වුනා.
පො: එහෙනම් මම මහත්තයට මෙහෙම උදව්වක් කරන්නම්. මහත්තයාගේ දඩය 500 යි. තැපැල් කන්තෝරුවේ ගානත් එක්ක 550 යි. මහත්තයා මට 550 ක් දෙන්න මහත්තයා ට කරන උදව්වක් විදියට මම දදේ ගෙවන්නම්.
ඒ කරුණාවන්ත පොලිස් නිලදාරියට පින් දිදී මමත් පුළුවන් තරම් ඉක්මනට 550 ක් දීල මාරු වුනා. එදා ගෙදර එනකොට 10.30 ත් පහුවෙලා.

මේ මගේ පලවෙනි කතාව. තවම මට කතා ලියන්න හොදටම බෑ. ඔයාලගේ අදහස් දෙන්න.

සුදු ඉර කැපීම Part 2

කලින් ලිපිය බලපු නැති ය ඉන්නවනම් මෙතන click කරන්න.වැඩ ටික ඉවර කරගන්න කොට හවස 5 විතර වුනා. දැන් මට හොදටම මහන්සියි. ලොක්කා (මගේ නපුරු බොස් ) කැමති නෑ 6 ට කලින් වැඩ ඉවර කරනවට. ඒ වුනාට අපිට off වෙන්න තියෙන්නේ 5 ට. ලොක්කනම් 6 ට off වෙනවාටත් කැමති නෑ එත් මිනිහ හිතන්නේ න අපිටත් ගෙවල් දොරවල්  තියනවා කියල. කොහොමත් මම out door (දුර)යනකොට 5 ට වැඩ  නවත්තුවට අපේ ඩිපාර්ට්මන්ට් එකේ අනිත් අය 3 විතර වෙන කොට වැඩ නවත්තනවා.
දැන් හොදටම මහන්සි නිසා මම ගියා පරාක්‍රම සමුද්‍රයට නාන්න කියල හිතාගෙන. තනියම හිටි නිසාත් මට පීනන්න බැරි නිසාත් අයිනකට වෙලා පාඩුවේ පොඩ්ඩක් නෑ ගත්තා. අප්පේ තියන සැප. නාගෙන සරමක් ඇද ගත්තා. මොකද දැන් ඔෆ්ෆිචේ වෙලාව නෙවේනේ. එත් කෝකටත් කියල shirt එකක් ඇදගෙන කම්පැනි අයිඩෙන්ටිය කරේ ද ගත්තා. දැන් 5.30 වෙලාව. දැන්ම ලොක්කට call එකක් දෙන්න බෑ මම පොළොන්නරුවෙන් පිටත් වෙනවා කියලා. 5.30 ට පිටත් වුනා කිව්වොත් ලොක්කගේ රතු කට්ට පනිනවා. call නොකලත් සමහර වෙලාවට ලොක්කා මම ඉන්නේ කොහෙද කියල බලන්න මට call කරලා බලනවා. ඕන දෙයක් වෙන්න කියලා මම පොළොන්නරුවෙන් පිටත්  වුනා. 6 වෙනකම් හිමින් හිමින් ද්රිවේ කළා. 6 ට මම දැන් ලොක්කට call එකක් ගන්නවා.

077-xxxxxxx
ටූක් ... ටූක් .......       
ටූක් ... ටූක් .......          ටූක් ... ටූක් .......
ලොක්ක phone එක answer කළා.
හෙලෝ සර් මගේ වැඩ ටික හරි මම දැන් පොළොන්නරුවෙන් පිටත් වෙන්න හදන්නේ.

මම වැඩක ඉන්නේ. පස්සේ ගන්න.(ලොක්කා)

මම දැන් පොළොන්නරුවෙන් පිටත් වෙන්න හදන්නේ.(මම)

හරි (ලොක්කා)

ok සර් මම තියන්නම්. bye . good night .

දැන් හරි. මම ඉක්මනටම 5 th ගියරයට දාගෙන 95 ට විතර පෑගුවා. ඉක්මනට හබරණ කලේ පන්න ගන්න එක තමයි මගේ අරමුණ. මෙහෙම කිලෝමීටර 12 ක් විතර එනකොට වාහන පෝලිමක් යනවා. අනිත් පැත්ත wrong side එකේ පාර හොදටම පැහැදිලියි. මට ඉස්සරහ හිටියේ car එකේ එක්කෙනා wrong side එකට දාල යන්න ගත්තා. මම එයා පස්සෙන්ම දැම්ම. වාහන පෝලිම ඉවර වෙන්න කිට්ටු කරලා අර කාර් එක යේ වම් පැත්තට ගත්තා. මමත් එයාපස්සෙන්ම වමට දැම්ම. මෙන්න බොලේ වමට දානවත් එක්කම පොලිසියේ trafic section එකේ කෙනෙක් අතදැම්ම වාහනේ නවත්තන්න. (මට ඒ වෙලේ තමයි තේරුනේ අයි මේ වාහන පෝලිමක් තිබුනේ කියල)



ඉතිරිය ඊලග ලිපියෙන්. අදහසක් දාලම යන්න.

සුදු ඉර කැපීම Part 1

         මේ සිදුවීම වුනේ මීට අවුරුදු 2 1/2 කට විතර කලින්. මම ඒ දවස් වල වැඩ කලේ ලංකාවේ ප්‍රධාන පෙලේ  ආයතනයක. (නම නොකිය ඉන්නම්) විධායක ශ්‍රේණියේ out door ජොබ් එකක් තමයි මම එහෙ කලේ. මට ඒ දවස් වල ඒ ආයතනයෙන් දීල තිබුන මගේ ගමන් බිමන් වලට පොඩි van එකක්. Nissan Vannette වර්ගයේ එකක් තමයි ඒ. ඉතින් අගහරුවාදා දවසක  මට සිද්ද වුනා office එකේ වැඩකට  නුවර අනුරාධපුර හරහා පොළොන්නරු යන්න. අනුරාධපුරේ වැඩ ටික ඉවර වෙනකොට සිකුරාදා උදේ 9.45 විතර වුනා. සෙනසුරාදා අපේ companye නිවාඩු දවසක්. ජොබ් එක වුනත් සෙනසුරාදා වැඩ කලාට මට OT නෑ. (විදායක ශ්‍රේනියෙනේ) ඒ වගේම මට වෙන ලැබීම් නෑ. basic පමණයි

          ඒ නිසා මගේ කල්පනාව එදාම කොහොමහරි ගෙදර එන්න.  පැල්පත කොහෙද කියල අහන්න එපා. පොළොන්නරුවේ ඉදල කොළබ පැත්තට 225 km විතර දුරක් කියල හිතා ගන්නකො. දවල්නම් පැය 4-5 ක ගමන. රැ නිසා තවත් වෙලා යනවනේ. ගොඩක් හවස් වෙලා එන්න බයයි අලි නිසා. අලි හවසට හබරණ පාරේදී මේ වගේ විහිලු කරනවා. අනිත් කාරණේ මම තට්ට තනියමනෙ. වාහන කියන්නේ යකඩ ගොඩවල් නේ. ඒ නිසා වැඩේ ඉක්මනින් ඉවරකරගෙන එන්න හිතාගෙන මම 10 ට විතර අනුරාධපුරයෙන්  පිටත් වුනා. මගදී පොඩි පොඩි පරක්කු වීම් ටිකක් වුනා නිසා පොළොන්නරුවට යනකොට 2.30යි. දැන් හොදටම බඩගිනියි.. ඉතින් මම කලේ හැමදේටම  කලින් දවල් කෑම කල හිටපු එක. අදුර වැටෙන්න කලින්  හබරණ කැලෙන් පිටවෙන්න ඕන නිසා කෑම එක විනාඩි 2-3 ට ගිල්ලා.   ඉතිරිය ඊලග ලිපියෙන්. අදහසක් දාලම යන්න.

ස්තුතියි. Thank you

බ්ලොග් එක පටන් ගත්ත පලවෙනි දවසෙම මට follower කෙනෙක් ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ගොඩක් උදවිය ඇවිත් තිබුනා. හැමෝටම ස්තුතියි. "සින්ඩි ලංකා" ආයතනයත් මට ඔවුන්ගේ සින්ඩිකේටරයේ ඉඩක් වෙන්කරලා තිබුනා. හැමෝටම ස්තුතියි.

සුබ ආරංචියක් ......... A good news

මේ මගේ දෙවැනි ලිපිය මටනම් සුබ ආරංචියක්....
එක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්නයි මගේ කල්පනාව.
ටික දවසකට කලින් මම ඇඩ් ක්ලික් කරන්න පටන් ගත්තා...
අද මගේ පලවෙනි payment  එක ලැබුන. ඩොලර් 2.03 ක්.
ඉතින් මටනම් ගොඩක් සතුටුයි.
ඔයාලත් කැමතිනම් පහත බැනරය ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න.
පල්ලෙහා තියෙන්නේ මට සල්ලි ලැබුන payment proof එක



මගේ පැල්පත.... My Cottage

මගේ පැල්පත....
බ්ලොග් දැනුම අතිනුත් මම බොහොම දුප්පත්. ඒත් ගොඩක් අයගේ බ්ලොග් කියවල, දැකල ගත්ත දැනුමෙන් මමත් පුංචි බ්ලොග් එකක් පටන් ගත්ත...
මගේ දුප්පත් පැල්පතටත් ගොඩවදිලා යන්න ඔයාලා හැමෝටම ආරාධනා.....